ජනපතිගේ කථාවට එජාපයෙන් විරෝධයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ විරෝධයක් එල්ල වී තිබේ.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර හා මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් එම ප්‍රකාශය විවේචනය කළේය.
“අපි එකතු කරගන්නවා නම් එකතු කර ගන්නේ හොඳ මිනිස්සු විතරයි. ඩබල් ගේම් කාරයෝ. චෝදනා තියෙන අය භාර ගන්නේ නෑ. කණ්ඩායම් රැස්වීමේ අනුමැතියට යටත්ව තමයි එක් කර ගන්නේ.
අපිට බහුතරය තිබෙනවා. අපිට ආණ්ඩුවක් කරන්න පුළුවන්. ඉදිරි අවුරුදු එක හමාර ආණ්ඩුවක් කරන එක ප්‍රශ්ණයක් නෙමෙයි. අපි ජනතාවගේ සුබ සාධනය ගැනත් අවධානය යොමුකරනවා.
ජනපතිගේ ප්‍රකාශය ගැන කථා නොකරත් බෑ. ගම්මල මංගල උත්සව වල දෙපැත්තේ කට්ටිය කැඳවලා කථා කරනවා. මම දැක්කේ මනමාලියි මන මාලයයි මංගල සභාවට ගෙනල්ලා මනමාලයාගේ පැත්තෙන් කථා කරන මහත්තයා මනමාලයා විවේචනය කළා වගේ වැඩක් කියලයි මම හිතන්නේ.
නොගැලැපෙන වැඩක් තමයි කළේ කියලා මම හිතන්නේ. විවේචනය කළ යුතු අවස්ථාවක් නෙමෙයි. විවේචනය කළත් එය මේ විදිහට නොකළ යුතුයි කියන එකයි අදහස.
අගමැතිතුමා ජනාධිපතිතුමා ගැන වෛරයෙන් කථා කරන්නේ නෑ. අගමැතිතුමා නිශ්ශබ්දතාවයෙන් එතුමාගේ මහත්මා ගතිය පෙන්නුවා.”
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහීම්ද සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කථාව අඳෝනාවක් බවයි. ඒ අනුව ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට දැන් තවත් පොතක් ලිවිය හැකි බවත් පැවැසීය.

popular news
-
Prabath Monday, 17 December 2018 01:20 PM
පපුව බැරිනම් පස්ස පැත්ත අතගාල හරි බලන්න කිව්වේ ඇත්තද බොරුද කියල. අර කිරිඇල්ල කිව්වා වගේ ඕනේ බුරුවෙකුට තේරෙනවා. ඔය කතා කරපු එකෙක් හොඳටම බීලා. අනෙක මොලේ උඩ ඉඳගෙන ඉන්නේ. හකීම්ගේ ගොලයෝනේ. ඕකුන්ට මොලේ කියන කඳුලක් නැහැ. කොහොමටත් ඔය ගොන්නුන්ට මොලේ නැහැනේ. මතක තියාගන්න මොලේ තියෙන ගොන්නුත් ඉන්නවා. මෙවුන් මොලේ නැති ගොන්නු.
Reply : 228 227
Nimal Monday, 17 December 2018 01:59 PM
ජනපතිගේ කතාවනම් සම්පුර්ණ ඇත්ත නේද?
Reply : 187 185
Saman Monday, 17 December 2018 02:17 PM
My3 ගේ මලයා telecom සබාපති කලේ කාගෙන් අහලාද.? යහපාලනය කන්න පටන් ගත්තේ එතනිනි නොවේද? පුතණ්ඩිය bar කුඩු කරෙත් රනිල්ගේ වරදින්ද? ගෝටාභය එක්ක light නිමල හොරෙන් රෑ කතා කලෙත් රනිල් ගේ වරදින්ද. හමුදාවේ කාවද LTTE යුද්දේ නිසා හිර කලේ??
Reply : 210 212
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

