ජනපතිගේ ආරාධනාව මනෝ ප්‍රතික්ෂේප කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද (07) පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව තමන් මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත්, පවතින දේශපාලන තත්ත්වය තුළ තමාට සහය දෙන්නැයි ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් මහතා පැවසීය.
තමා තවදුරටත් එක්සත් ජාතික පෙරමුණ සමග සිටින බවත් ,ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලට තමා සම්බන්ධ නොවන බවත් ඔහු කීය.

As a civilized political entity, we as Tamil Progressive Alliance (TPA) team of all Six (6) MPs met President @MaithripalaS and told him that we can't accept his invitation to join his government. #lka
— Mano Ganesan (@ManoGanesan) November 7, 2018
popular news
-
Champa Wednesday, 07 November 2018 08:09 PM
අපේ සිංහල නායකයෝ බලය වෙනුවෙන් මෛත්‍රීගේ දෙපා ලෙවකත්දී, දෙමල මුස්ලිම් නායකයෝ කොන්ද කෙලින් තියාගෙන පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න හදන හැටි දැක්කම මට හරිම පුදුම හිතෙනවා. පැහැදිලිවම පෙන්නේ ඊලඟ පාර්ලිමේන්තු බලය මහින්ද මෛත්‍රී ප්රමුඛ සන්ධානයට ලැබෙන්නේ නැහැ කියන එක. අනිත් පැත්තට තුනෙන් 2 කට කිට්ටුවෙන් යන්න ආසන ලැබෙයි. මේකටද අපි මෙච්චර කල් හිටියේ කියල හිතෙනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

