ජනපතිගේ ප්‍රකාශයට SF පිළිතුරු දෙයි
ෙයුද්ධය අවසන් සති දෙකේදී හිටපු ජනපති, ආරක්ෂක ලේකම් හා එවක හමුදාපති රටින් පිටව ගිය බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාවේදී ප්‍රකාශ කළේය.
එම කාලයේදී කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බැවින් එසේ ඔවුන් දිවයිනෙන් පිටව ගිය බවත් ඒ නිසා තමන් අවසන් සති දෙකේදී ආරක්ෂක ඇමති ලෙස වැඩ බැලූ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් පිළිතුරු ප්‍රකාශ කළ එවක හිටපු යුද හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ අවසන් සති දෙකේදී කිරීමට දෙයක් නොතිබූ බවත් හමුදාවේ කෝප්‍රල්වරුන් හා සාජන්වරු ලෙස හිතන මිනිසුන් එවැනි ප්‍රකාශ කරන බවත්ය.
එසේම හිටපු ජනපතිවරායත් ආරක්ෂක ලේකම්වරයාත් එසේ යුද්ධයෙන් පැන නොගිය බවත් මුහු ප්‍රකාශ කළේය.
“යුද්ධය කරන කාලයේදී අපට පරිපාලනය ගැන, වෙනත් වගකීම් හමුදාව ශක්තිමත් කිරීම් හුඟක් දේවල් සිදුවෙනවා. යුද්ධයක් පටන් ගත්ත වෙලේ ඉඳලා කොකා මිරික මිරික ඉන්නේ නෑ. යුද්ධය තියෙන කාලයේ අවසානය වෙන කොට මම දන්නවා හිටපු ජනපතිතුමා යම්කිසි කටයුත්තකට පිටරට ගිහින් ආවා.
මටත් චීනයට යන්න වුණා. නමුත් යුද්ධය කියන එක අන්තිම සුමාන දෙක තුනේ සිද්ධවුණ දෙයක් නෙමයි. අන්තිම සුමාන දෙකේ ඇත්තටම කෝප්රල්ලට සාජන්ලට කරන්න වැඩක් විතරයි ඉතුරු වෙලා තිබුණේ.
කෝප්‍රල්ලා සාජන්ලා ලෙස හිතන මිනිස්සු හිතනවා ඇති අන්තිම සුමාන දෙකේ තමයි ශිල්ප දක්වන්න පුළුවන් කියලා. වැඩබලන ඕන මිනිස්සුන්ට ඕන විදියහට සුමාන දෙකකට වැඩ බැලුවට.අවුරුදු 2යි මාස 9ක් වුණ යුද්ධයක් තේරුම් ගන්නවත් පුළුවන්ද?
යුද්ධයේ අමුතු අමුතු දේවල් කරලා දිනන්න පුළුවන්ද? හැංගෙන ජාතියේ හමුදාපතිවරු හිටියෙත් නෑ, හැංගෙන හමුදාවක් අපිට තිබුණෙත් නෑ. මොනවවුණත් ඒ ජනතාධිපතියි ආරක්ෂක ලේකමුයි හැංඟුනේ නෑ.”
popular news
- 
                            
dayan Saturday, 29 September 2018 09:28 PM
ඔව්. ඔව් යුද්ධේ දිනුවේ ම්ය්ත්රී නිසා. නැතුව කොහෙද. සැමුවෙල් රුද්‍රිගෝ දැන් නෑනේ.
Reply : 0 2
Champa Sunday, 30 September 2018 04:13 PM
Well said. I appreciate your statement. People have lost the confidence in the President a long time ago when he, Ranil and Yahapalanaya government tabled the Geneva Resolution against our Army in 2015. He will never be forgiven.
Reply : 0 22
A.R.Weerasena Monday, 01 October 2018 04:46 AM
සිරිසේන තමාන්ගේ දක්ෂ කමක් හෝ උගත් කමකක් නිසා ඔය පුටුව දිනා ගත්ත නොවේ. සොබිත හිමියන් තමා එක කලේ. සෆ් කෙලින් කතාකිරීම ආඩම්බරයට කරුණක්.
Reply : 1 24
Kumarage Monday, 01 October 2018 04:43 PM
සෆ්ගේ අපක්ෂපාති කතාවට මගේ හද පිරි ප්‍රණාමය !.
Reply : 0 0
Deepal Nirosh Thursday, 04 October 2018 08:58 AM
ෆොන්සේකා මැතිඳුගේ අවංක එඩිතර ප්‍රකාශය පැසසුම් කළයුතුයි. යුද්ධය අවසන් කාල සීමාවේ දී හිටපු ජනපති, ආරක්ෂක ලේකම්, බැසිල් ආදී ආණ්ඩු ප්‍රධානීන් විදේශගත වූ බව ඇත්ත. නමුත් ඒ ගියේ අවසානයේ ප්රභාකරන් බේරා ගන්න ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුවීම වළක්වා ගන්නයි. හිටපු ජනපති රටින් බැහැරවීමත් ඊට අදාළ උපක්රමික පියවරක්. එදා 13 පොරොන්දුව ඉන්දියාවට දෙන්න වුණෙත් 1987 පරිදි සිදුවීමක් වළක්වා ගන්නයි. ඔන්න මෛත්‍රී මැතිතුමාට එදා පුළුවන් වුණානම් ඉන්දියාවට ගිහින් 13 වෙනුවට අඩුගානෙ 13- පොරොන්දුවෙලා ඉන්දියාව කළමණාකරණය කර ගන්න අන්න සැබෑ ජාත්‍යන්තරය දිනා ගැනීමක් වෙන්න තිබුණා.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                