ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉද්දී අපිට හිනා වෙවී යන්න පුළුවන් වුණා
තමන් ජනපතිවරණයෙන් පරාජය වූ විට ප්‍රතිඵල ඒමටත් මත්තෙන් නික්ම ගියත් ඇතැමි පාර්ශ්වයන්ට එසේ කටයුතු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගැනිමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
“මට නම් මේවා අතහැරලා යන්නත් හරිම ලෙසියි. මම නව වැනිදා උදේ (2015/01/09) ප්‍රතිඵළ එන්නත් කලින් අත වන වනා ගියා. හබැයි සමහරුන්ට එහෙම යන්න බෑ. අත වන වනා හිනා වෙවී යන්න බෑ. අඩ අඩ ඒකේ ඇතුළට වෙලා ඉන්න හැකි. හැබැයි එයාලා දන්නේ නෑ පිට මිනිස්සු හිනා වෙනවා කියලා. හැබැයි ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉද්දී අපිට හිනා වෙවී යන්න පුළුවන් වුණා.”
popular news
-
dilan Wednesday, 31 October 2018 01:44 PM
ඒ චන්දෙන් පරදිලනේද මේක පස්සදොරෙන් පැමිණීමක් නේද
Reply : 35 105
Habeeb Wednesday, 31 October 2018 01:47 PM
Respect the people's mandate. People defeated you. Be smart as you were. Don't pechang PM.. Convene the parliament to show your power. Do if you can and dare..
Reply : 54 7
athura Wednesday, 31 October 2018 03:06 PM
අපි දැක්ක හිනා වේවි ජනේලේ එල්ලිලා ඉන්නවා.
Reply : 0 0
Silva Wednesday, 31 October 2018 03:36 PM
කකුස්සි දොරෙන් ඇතුලට ඇවිත් අගමැතිකම අරගෙන මාර ටෝක්ස් නේ දෙන්නේ දැන්..
Reply : 0 0
Champa Wednesday, 31 October 2018 04:58 PM
අගමැතිතුමා මම ඔබට හුඟක් ආදරෙයි. හැබැයි මම මගේ රටට ඔබට වඩා ආදරෙයි. ඒ වගේම මම ප්රජාතන්ත්රවාදයට, ව්‍යවස්ථාවට සහ නීතිය ගරු කරන මිනිහෙක්. ඔබ හින්දවත් ජනාධිපති කරපු මේ වැඩේ හරියි කියලා මට කියන්න බැහැ. බහුතරය තියෙනව කියල උපකල්පනය කරලා ඔබව පත් කරන්න ජනාධිපතිට පුළුවන් වුනාට ඉන්න අගමැති කෙනෙක් කොළ කෑල්ලකින් ඉවත් කරන්න ජනාධිපතිට බැහැ. ඒ හින්ද රනිල්ව ඉවත් කිරීම වැරදියි. මම ගරු කරන්නේ ජනවරමට. මෙහෙම් ගියොත් මේ රටේ පුරවැසියන්ගේ චන්දෙට වටිනාකමක් නැති වෙලා යනවා. ටිකක් හිතන්න දැන් ඔබේ පිලේ මිනිස්සු රනිල්ව ඉවත් කරපු විදිහ සාධාරණීයකරණය කරන්න හදනවා. දැන් ඔබ අගමැති. ඊලඟට ජනාධිපතිවරණෙ එනවා. අපි කියමු රනිල් දිනුව කියල. එහෙම වෙන්නේ නැහැ. නමුත් රනිල් දිනලා ජනාධිපති වුනා කියමු. එතකොට ඉන්න අගමැති ඔබ. රනිල් ඔබව කොළ කෑල්ලකින් ගෙදර යවල රාජිතව අගමැති කලොත් අද ජනධිප්ත් හරියි කියන ඔබේ පිලේ මිනිස්සු මොකොද කරන්නේ? එදාට ඔබ වෙනුවෙන් 2015 පෙබරවාරි තරම්ම පිරිසක් පාරට එයිද? මෛත්‍රී අද රනිල්ට කරපු දේ හෙට ඔබට වෙන්න පුළුවන්. ඔබ එදා ලෝකෙටම ආදර්ශයක් දුන්න. හැබැයි ඔබ ගියේ චන්දෙකට පස්සේ. මම නම් කියන්නේ මෛත්‍රී ඔබව නැති කළා කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

