ජනතාව අපේක්ෂා කළ වෙනස කිරිමටනම් මහමැතිවරණයේන් බලය ගත යුතුයි - ප්‍රසන්න
ජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊළඟ මහා මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඊළඟ මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමට නොහැකි වනු ඇති බවයි.
කටාන හා මීරිගම පළාත් පාලන නියෝජිතයන් සමග ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා ,
“අපි මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ අමාරුවෙන්. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මේ වසර සදහා අයවැයක්වත් ඉදිරිපත් නොකරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වු වහාම අපි අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලයවත් නෑ. ඒ නිසා අපිට ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ දුෂ්කරතාවයන් තිබෙනවා. අපිට හැකි පරිදි ඒ වෙනස පරිවර්තනය සිදු කරමින් තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. එතුමා ජනාධිපති වුණාම මේ රටේ ජනතාව සුවිශේෂි වෙනසක් අපේක්ෂා කලා.
ජනතාව අපේක්ෂා කල ඒ වෙනස සිදු කිරීමට නම් අපිට ඊළග මහා මැතිවරණයේ 2/3 ක බහුතර බලයක් ලබා ගත යුතුයි. එවිටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පසුගිය ආණ්ඩුව අත්සන් කළ රටට අහිතකර විවිධ අණපනත් සංශෝධනය කරගන්න හැකියාව ලැබෙන්නේ. අපිට මහා මැතිවරණයේ 2/3 ක බහුතරය ගන්න බැරිවුණොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමේ වාසිය ජනතාවට නොලැබෙන්න ඉඩ තියෙනවා.
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම මහින්ද මහත්තයව අගමැති කළා. ඔහු දින 52 ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් අගමැතිවරයා ලෙස පත්වෙන්නේ ජනාධිපතිවරයා පත් කළ නිසයි. නමුත් මේ රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අගමැති ලෙස පත් කරගැනීම අපේ ඉලක්කයයි. ඊළඟ මහා මැතිවරණයේ දි අප කටයුතු කරන්නේ ඒ වෙනුවෙන්. රටේ බහුතර ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැසි ඉන්නවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

-
Kumar Sunday, 12 January 2020 08:46 PM
දැන් බලයේ ඉන්නේ පොහොට්ටුව නේද. ජනධිපති, අගමැති සහ ඇමතිමන්ඩලය පොහොට්ටුවෙන් නම් ඊට වැඩිය මොනවද ඕනෙ. දැන් තිබෙන බලය මදිද?
Reply : 0 0
wada bari tazan Monday, 13 January 2020 10:30 AM
බලය නැතිව දෙන අතල් මර සුපිරියි. ඉල්ලන බලය ලැබුනොත් මාරම අතල් එකක් දෙයි. දැනුත් පුදුම සැපක් අත්විදින්නේ මේගොල්ලෝ ජනතාව ඉල්ලපු ජනතාවට පොරොන්දු උන දේ දෙන විදිහට. මට පෙන්නේ වැඩ කරන විරුවා අලි බබා හා හොරු හතලිහගේ ඇත අඩංගුවේ වගේ කියල. මහබැංකු හොරු, වැඩ සැත්කම් නඩු, පාස්කු ප්‍රහාර කයට වරද කරුවන්, .. මේවා කොරන්න 2/3 මොකටද? නටන්න බැරි එකට පොලව අදයිලු. හැමදාම කිරිබත්ම කාල අවුරුද්ද්හට මොනවා කන්නද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

