ජනතාව දුක් විදි බව හොඳින්ම දන්නවා
ජනතාව දුක් විදි බව තමා හොඳින්ම දන්නා බවත් අනාගතය පිළිබඳව සකස්කර ඇති සැලසුම් මසකින් හෝ වසරකින් ක්‍රියාවට නැංවිය නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නැගෙනහිර පළාතේ කල්කුඩා ප්‍රදේශයේ ඉදිකළ එම්. ජේ. එෆ්. මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (01දා) අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“කටුනායක ගුවන්තොටුපලේ සිට මඩකලපුවට පැමිණීමේදී විශාල අපහසුතාවක් තිබෙනවා. අපි ඊට විසඳුම් 2 ක් හඳුන්වා දී තිබෙනවා. මේ වසර අවසානය වන විට මත්තල ගුවන් තොටුපල ක්‍රියාත්මක කිරීම හරහා සංචාරකයින්ට පැය දෙකකින් දෙකහාමාරකින් පමණ මඩකලපුවට පැමිණිමට හැකියි. මඩකලපුව ගුවන් තොටුපලක් මේ වන විට සිවිල් ගුවන් සේවය හරහා අළුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා.
ලංකාවේ සමාගම් 2 ක් සමඟ අප සාකච්ඡා කරමින් සිටින අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට. ඒ අනුව ඉදිරියේදී කොළඹ - මඩකලපුව - ත්‍රිකුණාමලය - සීගිරිය - පළාලි ආදි ප්‍රදේශවලට අභ්‍යන්තර ගුවන් ගමන් ඇතිවෙනවා. මේ හරහා ඉදිරියේදී මේ ප්‍රදේශයේ යම්කිසි වෙනසක් සිදු වෙන බව පැවසිය යුතුයි.
අනාගතය පිළිබඳව අප ඇති කර තිබෙන සැලසුම මාසයකින් හෝ වසරකින් ක්‍රියාවට නැංවීමට මමත් කැමතියි. නමුත් එය අපහසුයි. අපට ඒ සඳහා තරමක කාලයක් අවශ්‍යයි. පසුගිය වසර කිහිපය අප ගත කළේ ඒ සඳහායි. නමුත් ජනතාව දුක් විදි බව මා හොදින් දන්නවා. දැන් තිබෙන්නේ සැලසුම් සමඟ ඉදිරියට යාමටයි. ආණ්ඩුවකට තනිව මෙම කටයුතු සිදු කළ නොහැකියි. ඒ සඳහා ග්‍රාමීය ව්‍යාපාර අවශ්‍ය වෙනවා.”

popular news
-
Champa Sunday, 02 September 2018 06:35 PM
පට්ට බොරුවක් කියනවා මෙන්න. "දෙසැම්බර් මාසේ මත්තල ගුවන් තොටුපල ක්‍රියාත්මක කරණවාලු.." ? ඇයි මිනිහෝ මතක නැත්ද 2015 ආණ්ඩුව බාර ගන්න කොට මත්තල කියන්නේ ක්‍රියාත්මක තත්වයේ තිබුණු ගුවන් තොටුපොළක් කියලා? නියම වැඩේ. මහින්ද කරපුව අවුරුදු 31/2 පැත්තකට දාල තියල චන්ද ලං වෙනකොට පටන් අර ගන්නවා අලුතින් තමන් කළා වගේ. ඊට පස්සේ කියනව කාලේ මදිලු කරන්නත්. මහින්දගේ නම එයා පටන් ගත්ත ව්‍යපෘති වලට දානවට විරුද්ධ වුන මිනිහ අන්න මං දැක්ක ඉන්දියාව වතුකරේ හදපු ගිනිපෙට්ටි ගෙවල් වලට "මහත්මාගාන්ධිගම" කියලා නම දාල විවෘත කරනවා. ඉන්දියාවට තමන්ගේ මිනිහෙක්ගේ නම දා ගන්න හොඳයි අනුන්ගේ රටක. හැබැයි මේ රටේ හිටපු උදාරතම දේශපාලන නායකයාගේ නම හොඳ නැහැ එයා හදපු ගුවන් තොටුපොලොට. ලෝකේ තව රටවල් ඕනේ තරම් තියෙනවා ගුවන් තොටුපොළවල් වලට රටේ නායකයාගේ නම් දාපු ළිං මැටි UNP කාරයෝ දන්නේ නැතිවුනාට. ඒ වුනාට මොකොද කකුල් මෙතන ඔලුව ඇමරිකාවේ වගේ කතා කරන්නේ. තව මම දැක්ක උතුරේ ආණ්ඩුකාරය, ගිය අවුරුද්දේ වගේ මතක, දකුණු අප්‍රිකානු මහකොමසාරිස්ට කියනව මැන්ඩෙලාගේ ප්‍රතිමාවක් උතුරේ හදන්න. උතුරේ කවදා හරි මහින්දගේ statue එකක් හදන්න ඕනේ ජීවත් වෙලා හිටිත්දිම.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

