ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ඇරඹේ
සෞභාග්‍යා" ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව නාගරික හා අර්ධ නාගරික ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දසලක්ෂයක් වගාකිරීමේ "සෞභාග්‍යා ගෙවත්ත" නමින් තවත් වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.
ගෝලීය වශයෙන් ලොව පුරා ව්‍යාප්ති වන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉදිරියේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් සඳහා මෙය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබේ.
මෙයට සමගාමිව රටේ ප්‍රසිද්ධ පුද්ගලයින් ,දේශපාලඥයින් , ක්‍රිකට් ක්‍රිඩකයින් යන පිරිස් මෙම ව්‍යාපෘතියට සමගාමිව තම ගෙවතු වල පැළ රෝපණයට එක්ව සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද මීට සමගාමීව ජනතාව වෙත එළළුලු පැළ බෙදාදීමට පියවර ගෙන තිබු අයුරු උන්වහන්සේගේ නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි.
මේ අතර දිවයිනේ තවත් ස්ථාන කිහිපයකදීම ජනතාව වෙත එළවළු බීජ බෙදා දීම් ආදිය සිදු කෙරුණි.

popular news
-
Samson de silva Sunday, 05 April 2020 08:14 AM
මෙන්න මෙම ව්‍යාපාරයේ තේරුම. ආණ්ඩුව ජනතාවට කියන්නේ ඉදිරි කාලයේදී උඹලගේ ආහාර සුරක්ෂිත බාවය රැකීමට අපිට බැහැ. එම නිසා උඹලාට කන්න ඕනේ නම් තොපිම වගා කරගනිල්ලා. තව මාස හයකින් බලාගන්න පුළුවන් වේවි සෞභාග්යේ දැක්ම, රට බංකොලොත් වුනාම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

