ජංගම ලී මෝල් තහනම් කිරීමට දැව මඩු ගැසට්ටුව සංශෝධනයට පියවර
ජංගම ලී මෝල් තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපළ සලකුණ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිත බව මහවැල් සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
එම සංශෝධනය තුළින් සාම්ප්‍රදායික වඩුමඩු තහනම් නොවන බවත්, එහෙත් 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලීමෝල් පවත්වාගෙන යෑම තහනම් වන බවත් එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
දිවයින පුරා ජංගම ලීමෝල් 300ක් පමණ ලියාපදිංචි කර තිබෙන බවත්, 2022.12.31 වැනිදායින් පසු තහනම් වන්නේ මෙම ලීමෝල් පමණක් බවත් අදාළ නිවේදනය මගින් පෙන්වාදී තිබේ.
එමෙන්ම නීත්‍යනුකූල ක්‍රම‘වේදය යටතේ ලී ලබාගන්නා අයට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට බාධාවක් නොවන බවත්, නීත්‍යනුකූලව පවත්වාගෙන යන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යායුතු අතර, එක් එක් මාසය අවසානයේ සහතික කළ පිටපතක් අදාළ ප්‍ර‘දේශයේ වන අඩවි නිලධාරීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

popular news
-
Champa Monday, 10 June 2019 07:21 PM
හොඳයි වැඩේ. මරකක්කලයෝයි දේශපාලකයොයි කැළෑ එලි කරහම තමන්ගේ රැකියාවෙන් වන්දි ගෙවන්න ඕනේ සිංහල වඩුවෝ. ස්වයං රැකියාවක් විදිහට තමන්ගේම වඩු මඩුවක් පවත්වාගෙන ගමේ මිනිහෙක්ට දෛනික ගනුදෙනු පිලිබඳ වාර්තා පවත්වා ගෙන යන්න කියන එක වැරදියි. අනික එහෙම දෛනික ගනුදෙනු ඇත්තෙත් නැහැ. බඩු විකුණා ගන්නෙත් අමාරුවෙන්. සාමාන්‍ය මිනිහගේ දුක දන්නේ නැති පාලකයෝ පත් කරගත්ත එකේ විපාක. අපි පොඩි කාලේ සති අන්තේ මට මතක හැටියට මාසෙකට සැරයක් වගේ මිනිහෙක් කරේ තියාගත්ත ලීයක දෙපැත්තේ පුටු බැඳගෙන පයින් යනව පුටු පුටූ කියා කියා කෑගගහ. හවසට පුටු විකුණගෙන ආපහු යනවා අර කරේ තිබ්බ ලීයත් නවාගෙන. මිනිහගේ ගමේ නම මතක නැහැ ඈතක ඉඳන් එන්නේ. උදේට යනකොට තාත්ත ඉස්සරහ හිටියොත් ආයිබෝන් මහත්තය කියල පාරේ ඉඳන් කියල යනවා. දවසක් හවසත් පුටුපුටූ කියා කියා කෑගහගෙන යනව ඇහිලා තාත්ත අප්පුඩියක් ගහල එන්න කියල මොකොද ඇහැව්වහම මිනිහ කිව්වා බිස්නස් සරු නැහැ කියල. ඊට පස්සේ තාත්ත හුඩ් එක යට සිමෙන්ති බැම්මක් තියෙනව මිනිහව ඒකෙ වාඩි කරවල තේකක් බොන්න දීල පුටු දෙකේ ගාන අහල ඒ දෙක ගත්ත. අර මිනිහ තාත්තට වැඳලා සල්ලිත් අරන් ගියා. තාත්ත කිව්වා ඒ මිනිහ හිස් අතින් ගෙදර ය හින්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

