ඡන්දයෙන් පසු මැතිවරණ නීති කැඩීම් ඉහළට
ඡන්ද විමසීමේ දිනට පසු දින සිට ගෙවී ගිය දින 07ක පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට ඡන්ද විමසීම දක්වා වූ කාලය සැලකීමේදී යම් සාමකාමී තත්ත්වයක් පැවැති බවද පැෆරල් සංවිධානය සඳහන් කරයි.
එහෙත් ගෙවී ගිය සතිය තුළදී පහරදීමේ සිද්ධීන් විසි දෙකක් ඇතුළුව සිද්ධීන් විසි අටක් වාර්තා වූ අතර, මේ හේතුවෙන් විසිදෙනෙකු රෝහල්ගත වී තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මැතිවරණ සමයේදී හා ඡන්ද විමසීම් දිනය තුළදී යම් සාමකාමී තත්ත්වයක් පෙන්නුම් කළද, ගෙවී ගිය සතිය තුළදී බැන තර්ජනය කිරීම්, පහරදීම් වැනි සිද්ධීන් තිස් පහක් වාර්තා වී තිබෙන බවද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මැතිවරණ සමය සංසන්දනය කිරීමේදී ගෙවී ගිය දින හතක කාලය තුළදී නීති උල්ලංඝනය කිරීම් ඉහළ යෑමක් සිදුව තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
popular news
-
Champa Sunday, 24 November 2019 05:21 PM
කෝ මැකෝ නිදිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

