චීන රජයෙන් ශ්‍රි ලංකාවට තවත් පරිත්‍යාගයක්
චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් අනතුරුව මේ වනවිට එහි පරිවර්තන රැසක් සිදු කර තිබෙන අතර දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමට ගෙන ඇති පියවර යටතේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව චීන රජය විසින් මෙම ජීප් රථ ප්රදානය සිදු කොට තිබේ.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

