චීන තානාපති හා රාජ්‍ය ඇමති බාලසූරිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං මහතා ඊයේ (01දා) දී කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා හමුවිය.
විදේශ අමාත්‍යාංශයේදී සිදුවූ මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වැනි සැසියේ දී චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය, ශ්‍රී ලංකා රජය අවංකවම අගය කරන බව කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට විශේෂ ආයෝජන කලාපයේ තෙවැනි පාර්ශ්වීය රටවල් සමඟ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.


සිසුන්, විද්වතුන් සහ බුද්ධි මණ්ඩලවල සහභාගීත්වයෙන් යුතුව ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKI) විසින් සංවිධානය කරනු ලබන සමාරම්භක සම්මන්ත්රණ/ වෙබ්නාර් සාකච්ඡා මාලාව සඳහා සහභාගී වන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා තානාපති ජෙන්හොං මහතාට ආරාධනා කළ අතර චීන තානාපතිවරයා ඉතා තුටින් එම ආරාධනය පිළිගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

