චීනයෙන් ලංකාවට තවත් පරිත්‍යාගයක්
ෂැන්ඩොං පළාතේ ඩීඑම්අයි සමූහය ශ්‍රී ලංකාව වෙත යුවාන් මිලියන 17.74 ක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ සාදන යන්ත්‍ර 90 ක් පරිත්‍යාග කර තිබේ. එම යන්ත්‍ර 90 චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත ඩී.එම්.අයි. සමූහයේ සභාපති ෂී ජියාන්පින් මහතා විසින් භාර දෙනු ලැබීය.
ඩීඑම්අයි සමූහයට ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතා පවතින බවත් එහි තාක්ෂණ සමාගම් විසින් බොහෝ යන්ත්‍ර ශ්‍රී ලංකාවට අලෙවි කොට ඇති බවත් සමාගම සඳහන් කරයි.
ඔවුහු ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ කාර්මික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා එක්සත් රාජධානිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජකයින් එක් කරගන්නා බවත් ෂී මහතා මෙහිදි පවසා තිබේ.
දෙපාර්ශ්වය විසින් සිසුන් හුවමාරුව, පුහුණුව හා අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බව ඔහු යෝජනා කළේය. ෂැන්ඩොං පළාතේ ජනගහනය මිලියන 100 ඉක්මවන බවත් ෂැන්ඩොං සහ ශ්‍රී ලංකාව අතර සංචාරක හුවමාරුව ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බවත් ෂී මහතා සඳහන් කළේය.
ජිනාන් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ද ඔහු යෝජනා කළ අතර, එමඟින් ෂැන්ඩොං හි සහ අවට පළාත්වල චීන ජනතාවට ශ්‍රී ලංකාව නැරඹීම සඳහා පැමිණීමට වඩාත් පහසු වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. ඒ අතරම සංචාරක හා අධ්‍යයන කටයුතු සඳහා බොහෝ ශ්‍රී ලාංකිකයන් ද ෂැන්ඩොං වෙත පැමිණෙනු ඇත. මෙම වසංගතය ඉක්මනින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසු ඔහු, අගෝස්තු හෝ ඔක්තෝබර් මස අවසානයේ දී ශ්‍රී ලංකාවට යාමට සැලසුම් කර ඇති බව පැවසීය.
ඩීඑම්අයි සමූහයට ශ්‍රී ලංකාව සමඟ කෘෂිකාර්මික සහයෝගීතාවයක් ඇති කර ගත හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ෂී ජියාන්පින් මහතා පැවසීය. විශේෂයෙන් කළු තේ වැනි ලාක්ෂණික කෘෂිකාර්මික නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමට ඩීඑම්අයි සමූහය අපේක්ෂා කරයි.



popular news
-
Demuni Uduwara Tuesday, 06 April 2021 05:24 AM
They must look after their colony?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

