චීනය තුළදී සිදුවූ කොවිඩ්-19 ආසාදන ඊයේ වාර්තා නොවේ
කොවිඩ්-19 වසංගතය පැතිරීම ආරම්භ වීමෙන් පසුව ඊයේ (18දා) දිනය තුළ චීනයේ ප්‍රධාන භූමිය තුළදී කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ එකදු රෝගියෙකුවත් වාර්තා නොවුණු බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව මෙම නව කොරෝනා වෛරසයේ පැතිරීමේ කේන්ද්‍රය ලෙස සැලකූ වූහාන් නගරයෙන්ද ඊයේ දිනයේ එකදු ආසාදිතයෙකුවත් වාර්තා නොවීම විශේෂත්වයකි.
චීනයේ මේ දක්වා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 81,235 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 3,250ක් වාර්තා වේ. එම මරණ අතරට හොංකොං හි මරණ 4ක් සහ තායිවානයේ මරණයක්ද ඇතුළත්ය.
එමෙන්ම මේ දක්වා එරට වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.
කෙසේ වෙතත් චීනය වෙත විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන් වෛරසයට ගොදුරුව පැමිණීම නිසා යළිත් වෛරසය හිස එසවීම වැළැක්වීමට චීනය වෙත පැමිණෙන සියලු දෙනා දැඩි නිරෝධායනයකට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර චීනයෙන් පිටත ලොව පුරා රාජ්‍යයන්හි මේ වනවිට ආසාදිතයන් 135,000ක් ඉක්මවා වාර්තා වන අතර, මරණ 5,600ක් ඉක්මවා වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

