චන්දිගේ සිහිනය සිහිනයක්ම වෙන ලකුණු
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 40කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පහසු ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. තරගය බ්‍රිස්බේන් හි දිවාරාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්විණ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින් පන්දුවට පහරදිමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රි ලංකා පළමු ඉනිම ලකුණු 144ට සීමාවිය.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ලකුණු 323ක් රැස්කිරීමට සමත්විය. නැවතත් දෙවැනි ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 139ක් පමණි.
ඉනිම දෙකේදීම කඩුලු 9ක් දවාගත් පැට් කමින්ස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
තරගය ආරම්භ කිරීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදි ශ්‍රි ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවැසුවේ ඔස්ට්‍රේලියාවේදි ටෙස්ට් තරගයක ජය ගැනීම තම සිහිනය බවයි.

popular news
- 
                            
Champa Saturday, 26 January 2019 10:03 PM
පට්ට බොරුවක් මෙතන වෙන්නේ.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                