ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු හෙරොයින් සමග පොලිස් දැලේ
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයං නැමැත්තා ගේ ප්‍රධානතම ගෝලයා බව කියන රුවන් සම්පත් සූරතිස්ස (24) නොහොත් කුංෆු රුවන් නැමැත්තා හෙරෝයින් තොගයක් සමඟ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ජාඇල හෙට්ටිගම ප්‍රදේශයේ දී යතුරුපැදියකින් තවත් පුද්ගලයකු සමග ගමන් කරමින් සිටියදී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 300 මිලිග්‍රෑම්270ක් සමග මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.මොහු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා ගිගිරි පුරගේ සදරුවන් ගුණතිලක (30) නැමති සක්‍රිය හමුදා සේවයේ නියුතු අයකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට පත් රුවන් සම්පත් සූරතිස්ස නැමැත්තා නවගමුව පොලිස් වසමේ සිදු කළ මනුෂ්‍ය ඝාතන 2කට හා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වු රූපලාවන්‍ය ශිල්පිනියගේ ඝාතනයටද සැකකරුවකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රදවා ගැනීමේ නියෝග මත තබාගෙන ඔවුන් සම්බන්ධ හෙරොයින් ජාවාරම අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පමුණුගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

popular news
-
rocky Monday, 19 November 2018 01:28 PM
පොහොට්ටුව යටතේ නාමයෝජනා දීමට සුදුසු පුද්ගලයෙක්!
Reply : 129 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

