ගෝඨා ජනපති කරන්නේ ශ්‍රිලනිප පක්ෂයයි - දුමින්ද
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු අපේ කණ්ඩායම ඉන්නේ මේ රට හැමදාමත් දුප්පත් කියකියා ඉන්න නොවන බවත් මේ රටේ ජනතාව දුප්පත් කරලා තියෙන්නේ මේ රටේ දේශපාලනයෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුරයේ පැවති ජන හමුවකට ඒක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ 65ක් අවශ්‍යයි. ඡන්ද ලක්ෂ 50ක් තියෙනවා පොහොට්ටුවට. අපිට ඡන්ද ලක්ෂ 17ක් තියෙනවා. දැන් 50 තනියෙන් හිටියොත් හෝ 17 තනියෙන් හිටියොත් දිනන්න පුළුවන්කමක් නෑ.
නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කවුරු 50 ක් තියාගෙන දැඟලුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 17 න් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ලක්ෂ 50 , ඡන්ද ලක්ෂ 65 ඉක්මවන්නේ. එහෙම නම් නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දයෙන් කියලා අපි ඉතාම ආඩම්බරයෙන් කියනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි දන්නවා නොවැම්බර් මාසේ 16 වැනිදා අපි හිටගත්තේ මේක ජයග්‍රහණයකින් කෙළවර කරන්න. ඒ ජයග්රහණයෙන් කෙළවර කිරීමෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේ වෙන්න පුළුවන්, පළාත් සභා මැතිවරණය වෙන්න පුළුවන්, ඒ සියලු ගණුදෙනු ටික බේරා ගන්නේ මේ 16 වැනිදයින් පස්සේ. මේ 16 වැනිදා වෙනකල් අපිට කල්ලියක් නෑ. වාදයක් , භේදයක් නෑ. කණ්ඩායමක් නෑ. ඒ සියල්ල පැත්තකින් තියලා රට වෙනුවෙන්, පාක්ෂිකයා වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් තමයි අපි මේ තීන්දුව අරන් තියෙන්නේ.මොන බාධාව ආවත්, මොන ගැටලුව ආවත් අපි හැමෝම එකතු වෙලා නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කළ යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
එප්පාවල - තිසර සමල්

popular news
-
rana Tuesday, 05 November 2019 04:01 PM
හුව අමතක වේද ? ජනහමු පමණි ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

