හිටපු ආරක්ෂක ලෙකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට විශේෂ මහාධිකරණය අවසර දුන්නේය.
ඒ අනුව ඔහුට එළැඹෙන 09 දා සිට 12 දක්වා විදේශ ගතවීමට අවස්ථාව ලැබෙන අතර අධිකරණය සන්තකයේ තිබෙන ඔහුගේ ගමන් බලපත්‍රය නිදහස් කිරීමටත් අධිකරණය අවසර දුන්නේය.
