ගෝඨාට භය නිසා බොරු නඩු දානවා - ගම්මන්පිල
ගෝඨා භය නිසා පැවරූ නඩුවට නීතිමය පදනමක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,
“එජාපයේ සාමාජිකයින් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලන විට අපි සජිත්ට බය වුණේ නෑ. අපිත් කිව්වේ සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කියලා. හැබැයි අනෙක් පැත්තෙන් අපේ ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අය ගෝඨා භය කියන රෝගයෙන් පෙලෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණය තරගකිරීම නැවැත්වීම සදහා කළ හැකි සෑම දෙයක්ම මේ ආණ්ඩුව කරමින් ඉන්නවා.
මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන්, 2015 පෙබරවාරි මස ඇවන්ට්ගාඩ් නැව අත්අඩංගුවට ගත් මොහොතේ ඉදන්, මේ දක්වා ආණ්ඩුවේ එකම ව්‍යාපෘතිය වුනේ 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීම වලක්වා ගැනීමයි. ගෝඨාභය මහතාට නඩු දානවා. දාන දාන නඩුව අධිකරණය ඉවත දානවා. නැති නම් අත්හිටුවනවා. නමුත් එජාපය නඩු දාන එක නම් නතර කරලා නෑ.
පසුගිය සිකුරාදා එන්ජීඕ කාරයන් දෙදෙනෙකු එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් පැවරුවා. ඊයේ (සැප්තැම්බර් 30) අභියාචනා අධිකරණය විසින් එම නඩුව දෙවැනිදා සහ තුන්වෙනිදා සවස්වරුවේ විභාග කිරීමට තීරණය කර තිබෙනවා. අපි දන්නවා හත්වැනිදා නාමයෝජනා. තුන්වෙනිදා හවස් වන තුරු නඩුව අහලා හතර වැනිදා තීන්දුවක් දුන්නොත් කියලා රටේ ජනතාවට බියක් ඇති වෙන්නට ඉඩ තියෙනවා. අපේ තෝරා ගැනීම වන, සමස්ත ජාතියේ සාතිශය බහුතරයේ තෝරාගැනීමවන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න බැරි වේවි දැයි ජනතාව තුළ බියක් ඇති වෙන්නට පුළුවන්.
එන්ජීඕ කාරයන් දෙදෙනෙක් හිටියට, ලස්සනට නාට්‍යයේ පිටපත ලියා තිබුනට හැමදාමත් කට වරද්දා ගන්නා රාජිත සේනාරත්න ඇමැතිතුමා ඊයේ ප්‍රකාශ කළා මාධ්‍ය ඉදිරියේ මෙය එක්සත් ජාතික පක්ෂය පැවරූ නඩුවක් බව. එක්සත් ජාතික පක්ෂය මේ නඩුව පවරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වුණොත් සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කළ නොහැකි වන නිසා කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා නවත්වා ගත යුතුයි කියන බලාපොරොත්තුවෙන්. මේ නඩුව පදනම් විරහිත නඩුවක් බව තමුන්නාන්සේලාට පැහැදිලි කිරීම අපේ පාර්ශවයේ වගකීමක් වෙනවා
2003 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඒ සමගම ලංකාවේ නීතියට අනුව ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. ඒ අනුව 2005 නොවැම්බර් 21 දින නැවත ලංකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඒ පුරවැසිකම ලබා ගත් සහතිකය තමා මේ තිබෙන්නේ. 2005 නොවැම්බර් 21 දින අමාත්‍යංශ ලේකම් වෙනුවෙන් අතිරේක ලේකම් වරයෙක් අත්සන් කර තිබෙනවා. රටේ ජනපති විදිහට මහින්ද රාජපක්ෂ මහතා මේ සහතිකයට අත්සන් තබා තියෙනවා. පෙත්සම්කරුවන් කියන්නේ 2005 වසරේ දී නව ඇමති මණ්ඩලය පත් කළේ නොවැම්බර් 22 දා. ඇමතිවරු පත් කරන්න කලින් ලේකම්වරුන් පත් කරන්න කලින් ඇමතිගේ නිර්දේශය අරන් ලේකම් අත්සන් කරලා ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළේ කොහොමද කියන එක තමයි මේ නඩුවේ පදනම. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ පුරවැසියෙකු නොවන බවට ප්‍රකාශ කරන මෙන් අධිකරණයෙන් ඉල්ලමින් මේ නඩුව ගොනු කර තිබෙන්නේ”.
කෂිනි හපුආරච්චි

popular news
-
rocky Tuesday, 01 October 2019 10:40 AM
බොරු නඩු ද ඇත්ත ඒවාද කියල ඔබ දන්නේ කොහොමද? අර ඕස්ට්‍රේලියන් මනුස්සය ශදික් ඔහෙට විරුද්ධව දාල තියෙන්නෙත් බොරු නඩුවක් ද? බොරු කෙලින පොකැට් කට දැක්කාම අනින්න හිතෙනවා හොම්බ රිවෙට් වෙන්න!
Reply : 0 0
rana Tuesday, 01 October 2019 12:48 PM
ඕක අපිටත් දකින්න පුවත්පත් වල දාන්න. ඔහොම මොනා පෙන්නන්න බැරිද .
Reply : 0 0
Deepal Nirosh Tuesday, 01 October 2019 02:21 PM
නඩු බොරු ද ඇත්ත ද කියන කාරණය නෙවෙයි වැදගත්, නඩුවක් පිළිබඳ අධිකරණ නීන්දුවක් දෙන්නෙ පැමිණිලි පාර්ශ්වය අධිකරණයට ගොනු කරන කරුණු අනුවයි. ඉතින් ඔය ඒක නඩුවක් නිසා ගෝභාභයට නාම යෝජනා දෙන්න බැරි වුණොත් තමුන්ලට තියන විකල්පය මොකද් ද? මාධය සාකච්ඡාවෙ දි ඊයෙ කාගෙන්වත් ඒ්කට උත්තර නැහැ. කටින් බතල කොළ හිටවල විතරක් වැඩක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

