හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැබීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ ව්‍යාපාරික සංගමය සංවිධානරය කරන ලද “හෙළයේ මහා සම්මුතිය” උත්සව අවස්ථාවට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.
“නාමයෝජනා බාරදීමෙන් අනතුරුව අවසානයේ ප්‍රධාන පිල් දෙක අතරේ තමයි තරගය තිබෙන්නේ. ජනතාවත් එම ප්‍රධාන පිල් දෙකෙන් එක් පිළකට බෙදෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද නඩුව අවසන් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ඔවුන් නැවත නඩු මගට යනවා කියලා. ගීතා කුමාරසිංහටත් මන්ත්‍රීකම නැති වුනේ ද්විත්ව පුරවැසිභාවය නිසා.
එතකොට මොකද චමල් රාජක්ෂ ඇප බැන්දේ. මේකේ කරුණූ දෙකක් තිබෙනවා. ගෝඨාභය නැත්නම් තවත් රාජපත්ෂ කෙනෙක්. ඒ් කියන්නේ චමල් රාජපක්ෂ. අගමැති කවු ද? ඒ්ත් රාජපක්ෂ කෙනෙක්. ආර්ථික කටයුතු පිළීබද ඇමැති කවු ද? ඒ්ත් රාජපක්ෂ කෙනෙක්. ඒතකොට ඉතුරු කට්ටියට මොකද වෙන්නේ?. මේක ඒකක්. මේක ජනතාවගේ නොවෙයි පවුලේ බලය ලබාගැනීමේ වැඩපිළිවෙළක්. නඩු තීන්දුවකින් පුරවැසිභාවය ලබාගත්තා කියලා කියන්න ලැඡඡයි. ඔවුන් චමල් රාජපක්ෂව අන්තිමට දැම්මේ ඒයාලටත් විශ්වාසයක් නැහැ ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබද.”