ගෝඨාගේ වෛරි පිළිකුල් දේශපාලනයක් නැති නිසා ප්‍රතිවාදින්ට හානියක් නෑ - මුසම්මිල්
තම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසඳා ගැනිම සඳහා තවදුරටත් බලයේ රැදෙමින් ජනතා අපේක්ෂාවන්ට බාධා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බවත් ඔහු වහා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජානිපෙ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
අද (19) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මුසම්මිල් මහතා,
“වත්මන් ආණ්ඩුවට ගෙදර යා යුතු බවට මේ රටේ ජනතාව පළමු පණිවිඩය ලබා දුන්නේ 2018 පෙබරවාරි 18 පැවති පළාත් පාලන මැතිවරණයේදි. මෙවර ජනාධිපතිවරණයේදි වැඩි ජන්ද ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් හා 11%කට ආසන්න වැඩි ප්‍රතිශතයක් විපක්ෂය විශිෂ්ඨ ලෙස ජයගෙන ඇති අවසථාවක එම පණිවිඩයට ඇහුම්කන් නොදිම කනගාටුවට කරුණක්. මෙම බලලෝභි දේශපාලනඥයන් වසර හතරහමාරක් තිස්සේ තමන් නිසා දුක් විදි ජනතාව එම දුක තවදුරටත් උරුම කර දිමට කටයුතු කරන බවටද” ඒ මහතා මෙහිදි දැඩි ලෙස ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සඳහන් කළේය.
ඒසේම සැමදා ජන කොටස්වල ජාතිකත්වය හා ආගමික වෙනස්කම් උපයෝගි කර ගනිමින් උතුරේ සහ දකුනේ ජනතාව බෙදා වෙන් කරමින් රනිල් වික්‍රමසිංහ , ආර් සම්බන්ධන් , රවුෆ් හකිම් ,රිෂාඩ් බදියුදින් වැන්නන් සිදු කරන පටු දේශපාලනය ද නතර කළ යුතු බවට එම දේශපාලනඥයින්ට දැඩි ලෙස අවධාරණය කළේය.
එජාපය ජනාධිපති අපේක්ෂක බැරිවිමකින් හරි ජය ගත්තා නම් රාජපක්ෂවරුන්ට ජම්පර් අන්දන ආකාරය හා ඔවුන් ජනේල්වල එල්ලන ආකාරය දැක බලා ගත හැකි විමට ඉඩ තිබු බවත් නමුත් ගෝඨාභය රාජපක්ෂයන් එවැනි වෛරි පිළිකුල් සහගත දේශපාලනයක් නොකළ යුතු බැවින් ප්‍රතිවාදීන්ට කිසිදු හානියක් නොවන බවත් ඒ මහතා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.

popular news
-
Kumar Tuesday, 19 November 2019 09:52 PM
එයාගේ සහෝදරයාගේ කාලෙ අතුරුදහන් කල අයට තිබෙන දැඩි කරුණාව නිසාද පරලොව යැව්වේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

