ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන් - ගම්මන්පිල
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ කටයුතු මේ වන විට සියයට 100ක් සම්පූර්ණ බවත් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට අදාළව මීළඟට පැමිණීමට නියමිත වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද පෙරවරුවේ දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරපු මෑතකාලීන වාර්තාවේ ඇමරිකානු පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවීම පුදුමයට හේතුවක් නොවෙයි.
නම තිබුණ නම් තමයි පුදුමේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සම්බන්ධයෙන් වන අවසාන ලේඛනය එතුමාට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් එවන්නේ පසුගිය 2019 මැයි මාසයේ.
රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරන්නේ 2019 මාර්තු මාසයේ 31 වන දින දක්වායි. 2019 මැයි මාසයේ පුරවැසිකම අත්හල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම මාර්තු 31 වන දා ට කලින් පුරවැසිකම අත්හළ පුද්ගලයන්ගේ නාමලේඛනයේ තියෙන්නෙ කොහොමද? එහෙම තිබ්බනම් තමයි පුදුමය. ඒක නොතිබීම සම්බන්ධයෙන් අපි පොඩ්ඩක්වත් පුදුම වෙන්නේ නැහැ.
ජුනි මස 30 වන දා වන විට පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ වාර්තාව ලබන මාසයේ මුල අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරනවා. එහි අනිවාර්යෙන්ම නම තියෙන්න ඕනේ.
මොකද එතුමන්ගේ පුරවැසිභාවය අත්හැරීමෙ ලේඛන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි. පුරවැසිභාවය අත්හැරිමේ අවසාන ක්‍රියාවලිය වන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය නිකුත් කිරීමයි. එම සහතිකය මැයි මාසයේ ලැබුණා.”

popular news
-
Nandana Thursday, 25 July 2019 09:21 PM
විදේශිකයෙකුට ලංකාවේ පුරවැසි බව දෙනකොට හොදට හොයල බලල දෙන එක හොදේ , ගොටත් අපට විදේශිකයෙක් ,හිතෙන හිතෙන වෙලාවට පුරවැසිකම මාරුකරන්න පුලුවන්ද ?
Reply : 7 2
Kumar Thursday, 25 July 2019 09:42 PM
කිය කියා ඉන්නෙ නැතුව පුරවැසිකම අත්හැරිය සහතිකයක් තිබෙනවානම් ඒක පුවත් පතකට පෙන්වන්න ඕනෙ එකම එක ගමනනෙ. ලංකාවේ වගේ නොවෙ ඇමෙරිකාවේ සෑම දෙයකටම අනුගමනය කරන පිළිවෙතක් තිබෙනවා. ලංකාවේ ඉන්න අය අමෙරිකාවේ ඉන්න අපට වැඩිය සෑම දෙයම දන්නවානෙ
Reply : 0 2
Demuni de silva Friday, 26 July 2019 12:39 AM
Not eagerly, we patiently await their second qtr. Return ending June 30, 2019.
Reply : 0 3
Nandana Friday, 26 July 2019 10:36 AM
ඕනෑම අයෙකුට කඩේ යනු ලැබේ .පිගන්මල .
Reply : 9 2
Nishan Tuesday, 30 July 2019 07:21 AM
මේ සැරේ ඇමරිකන් පාස්පෝට් එක බාර දෙන්න බැහැ කිව්වේ නැද්ද?
Reply : 7 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

