ගොවි ජනතාවට මුහුණදීමට සිදු වූ ස්වභාවික විපත්වල දී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනපති පවසයි.
ගොවි ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් වත්මන් යුගයේ පුළුල් කාර්යභාරයක් ඉටුකර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් ප්රදානය වෙනුවෙන් අද (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරය සඳහන් කළේ සෑම ආණ්ඩුවකම මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වූ මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නිමා කිරීමට තමා නායකත්වය ගත්තේ ද රටේ ගොවි ජනතාව වෙනුවෙන් බවයි.
ගොවී ජනතාවගේ ප්‍රධාන ගැටලු වන ජලය සහ ඉඩම් ගැටලු විසඳීමට මෙම යුගයේ දී දැඩි කැපවීමකින් කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
