වියළි කාලගුණය හේතුවෙන් වව්නියාව මඩුකන්ද ප්රදේශයේ ගෙවත්තකට ඇතුල් වූ හැල කිඹුලෙකු ඊයේ (04) සවස අල්ලාගත් බවට වව්නියාව වනජීවි නිලධාරීන් පවසති.
මඩුකන්ද ප්රදේශයේ ගෙවත්තකට ගොදුරු සොයා පැමිණ ඇතුළු වූ අඩි 7ක පමණ දිගින් යුත් හැල කිඹුලෙකු පිළිබඳව ප්රදේශවාසීන් විසින් වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් පසුව වනජීවි නිලධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් හැල කිඹුලා අල්ලාගෙන ඇත.
අල්ලාගත් හැල කිඹුලා වව්නියාවේ ජලපෝෂක ප්රදේශයක් වෙතට රැගෙන ගොස් දැමූ බවට වව්නියාව වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
