ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි - ගෝඨා
“ඇත්තමට අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට මගේ කැමැත්තක් නෑ. නමුත් ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.
බ්ලූම්බර්ග් පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාවේ වුණත් වෙන රටක වුණත් යුද්ධය හොඳ දෙයක් නෙමෙයි. අපි යුද්ධ නිර්මාණය කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂ යුද්ධයක් නිර්මාණය කළේ නෑ. අපි යුද්ධය අවසන් කළා.
අපි කිසිම රටක් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ශ්‍රී ලංකාව සමග වැඩ කරන්න කැමති ඕනෑම් කෙනෙක් සමග අපි වැඩ කරන්න ලෑස්තියි. අපි ජාත්‍යන්තර සංවිධාන සමගත් වැඩ කිරිමට ලෑස්තියි. නමුත් ඔවුන් සාධාරණ විය යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
popular news
-
lal Sunday, 04 November 2018 02:45 PM
මෙයා කව්ද අප්පා,,,,, ජනාධිපති ? අපේ රටේ උගත් නිහතමානී .. සංවර ය ඉන්නවා කියල අපිට විශ්වාසයි
Reply : 0 0
dhamneth Monday, 05 November 2018 07:34 AM
වැඩිම චන්ද සංකෙයාවක් ලබගතහැක්කේ ඔබතුමාට පමණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

