ගෘහස්ත සූර්ය බලාගාර දස ලක්ෂයක් ස්ථාපිත කිරීමට කෝටි 800ක්

වහල මත සවි කරන ගෘහස්ත සූර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මූල්‍යමය ආධාර ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිව ඇති අතර, මෙම වැඩපිළිවෙළ යටතේ වහල මත සවිකරන ගෘහස්ත සූර්ය බලාගාර ලක්ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරළ අතර, අඩු අදායම් ලාභීන්ට මෙම වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, අක්‍රමිකතා වැළැක්වීම සඳහා ගෘහස්ත සූර්ය බලාගාරයේ උපරිම ධාරිතාව කිලෝ වොට් 50කට සීමා කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
Nalin Friday, 14 September 2018 11:29 AM
හොඳ දෙයක් .මොකද ගොඩක් අය කැමති වුණාට සහනදායි පොලියට ණය මුදල් බලාපොරොත්තුවෙන් ඉන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

