ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සදහා කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ආරම්භ කර තිබෙනවා.
මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.
ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේයි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මුල් අදියරේදී කාබනික පොහොර මෙට්‍රික් ටොන් 25 ක් පමණ නිෂ්පාදනය කිරීමට ගුවන් හමුදාව සැළසුම්කර තිබෙනවා. මෙලෙස නිෂ්පාදනය කරන කාබනික පොහොර ගුවන් හමුදාව පවත්වාගෙන යන කෘෂි ඒකක වල ප්‍රයෝජනය සදහා යොදා ගැනීමට නියමිතයි.