ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගින් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට ලබාදෙන අපද්‍රව්‍ය නිසියාකාරව විනාශ කරන බව එම සමාගම සඳහන් කරයි.
එසේ ලබාදෙන අපද්‍රව්‍ය නිසි පරිදි පිළිස්සීමක් නොකරන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
ගුවන් යානාවලින් නිකුත් කරන අප්රද්ය නිසි පරිදි වර්ගීකරණය කිරීමෙන් පසුව ගිවිසුම් ගත කොන්ත්‍රාත්කරුවන් ඒවා රැගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණය කරන බවත් ඉතිරිවන අපද්‍රව්‍ය ගුවන් තොටුපොළ හා ගුවන් සමාගම විසින් නිසියාකාරව පිළිස්සීමකට කටයුතු කරන බවත් එම සමාගමේ විධායක අධ්යක්ෂ සංජීව විජේරත්න මහතාගේ පැහැදිලි කිරීමේ දැක්වෙයි.
තම සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රියාවලිය හේතුවෙන් 2017 වසරේ පාරිසරික හිතකාමී රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ජනාධිපති සම්මානයෙන් පවා පිඳුම් ලැබූ බවත් සංජීව විජේරත්න මහතා වැඩිදුරටත් පවසයි.
