කොල්ලුපිටිය, තර්ස්ටන් පාර පිහිටි ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසළ රාජකාරී කළ ගුවන් හමුදා භටයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අද පස්වරු 1.15ට පමණ මෙම වෙඩි තබාගැනීම සිදුකර තිබේ. තුවාල ලැබූ ගුවන් හමුදා භටයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 21ක් වන එම්. වීරසේකර නැමැති නුවරඑළිය පාර, මොරගොල්ල, ගම්පොල පදිංචිකරුවෙකි.
