ගුරු සේවයේ සියයට 10ක් ගුරු සේවයට නුසුදුසුයි
ශ්‍රී ලංකාවේ ගුරු සේවයේ නිරත දෙලක්ෂ අසූ දහසක් පමණ වන ප්‍රමාණයෙන් 10% ක් පමණ ගුරු සේවයට නුසුදුසු බව අධ්‍යාපන අමත්‍යාංශය මගින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
විභාග සහතික ලැබුව ද ගුරු වෘත්තියට අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නොමැති වීම ඊට හේතු වී තිබෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.
අද (18දා) පෙරවරුවේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු වයඹ පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානෝත්සවය අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
උපාධිධාරිහු 1400ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප්රදානය කිරීම මෙහි දී සිදු විය.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරත් කියා සිටියේ ඉගැන්වීමෙන් පමණක් ගුරුවරයාගේ කාර්යභාරය නිම නොවන අතර, පාසල තුළදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ වගකීම ද පන්තිභාර ගුරුවරයාට පැවරෙන බවයි.
එමෙන් ම දරුවන් නවීන තාක්ෂණය සමග ඉදිරියට යන විට පංතිකාමරයේ අභියෝගවලට ද සාර්ථක ව මුහුණදිය හැකි අන්දමින් ගුරුවරයාගේ දැනුම ද යාවත්කාලීන වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

popular news
-
somapala Thursday, 19 September 2019 04:16 AM
ජනාදිපති සිරිසේන එම තනතුරට සියයට සීයක් නුසුදුසුඉ.
Reply : 0 0
samson Thursday, 19 September 2019 09:54 AM
ඕක මොකක්ද? සීයට එකසිය දහයක් නුසුදුසු කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

