කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෙට දිනයේ උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ අදාළ උද්ඝෝෂණය හෙට පස්වරු 2.00ට පවත්වන බවත් රට පුරා සෑම නගරයකටම උද්ඝෝෂණ සංවිධාන කර ඇති බවත්ය.
ප්‍රාථමික පාසල්වල අධ්‍යාපන කටයුතු හෙට ආරම්භ වෙනවා.ආරම්භ වුණාම හෙට පස්වරු දෙකට අපි කොටුව දුම්රියපොළ ඉදිරියේදි උද්ඝෝෂණයක් පවත්වනවා. ඒ වගේම රටපුරා සෑම නගරයකම අපේ උද්ඝෝෂණ සංවිධානය කරලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ලෙස ක්‍රියාත්මක වෙනවා.
මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා එම මාධ්‍ය හමුවේදි ආණ්ඩුවට කරමින් කියාසිටියේ පළාත් අතර සංචරණ කිරිම සඳහා ගුරුවරුන්ට පහසුකම් නැති බවත් ඔවුන්ට නිවාඩු ලබා දිය යුතු බවත් හැකි නම් එම විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් නතර කර පෙන්වන ලෙසත්ය.