නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 03 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කොට එය පරීක්ෂා කිරීමේදි එහි තිබු ඇසුරුම් 04ක සුරක්ෂිතව අසුරා තිබු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 30 ක් සොයාගෙන ඇත.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.
