ගුරුකන්ද විහාරයේ වස් ආරාධනා පින්කම නවත්වන්න - මුලතිව් පොලීසිය
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවැත්වීමට නියමිත වස් ආරාධනා පින්කම නවත්වන්නයි මුලතිව් පොලීසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතැයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසුවේය.
ලබන 05 වනදා සහ 06 වනදා ගුරුකන්ද රජමහාවිහාරයේ සිදු කෙරෙන වස් ආරාධනා පින්කමට අමතරව 06 වනදා පන්සලේ පිහිටි දේවාලයේද හින්දු බැතිමතුන් පිරිසක් විසින් දේව මෙහෙයක් සිදු කිරීමට සූදානම් වීම හේතුවෙන් වස් ආරාධනා පින්කම නවත්වන්නැයි මුලතිව්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පන්සලේ දායක සභාව වෙතට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.
එමෙන්ම අදාළ පොලිස් නිලධාරියා විසින් 05 වනදා සහ 06 වනදා සිදු කෙරෙන වස් ආරාධනා පින්කම සිදු කරන්නේ නම් අධිකරණ තහනම් නියෝගයක් මගින් නවතා දැමීමට පියවර ගන්නා බවටද එදින පන්සල් භූමියට ඇතුළු වන සියලු පුද්ගලයින් පරික්ෂා කොට ඇතුළු කිරීමටත් පියවර ගන්නා බවටද අදාළ පොලිස් නිලධාරියා විසින් දායක සභාවට දැනුම් දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දායක සභා සාමාජිකයින් කියා සිටින්නේ අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එක් පාර්ශවයකට පමණක් ආගමික වතාවත් සිදු කිරීමට පොලීසිය කටයුතු කිරීම අසාධාරණයක් දෙපාර්ශවයේම ආගමික වතාවන් සිදු කිරීමේදී කිසිවෙකුටත් බාධාවක් නොවන අයුරින් සිදු කරගත යුතු බවට අධිකරණයෙන් දැනුම් දී තිබෙන අවස්ථාවක පොලීසිය මගින් තහනම් නියෝගයක් ලබා දෙන්නේ නම් දෙපාර්ශවයටම ලබා දිය යුතු හෙයින් පන්සල් භූමියක මෙවැනි සිදුවීමක් පිළිබඳව අස්ගිරි හා මල්වතු පාර්ශවයන් වෙතට දැනුම් දීමට පියවර ගන්නා බවටත්ය.

popular news
-
Champa Tuesday, 02 July 2019 05:52 PM
මේ මොන නීතියක්ද? යකෝ මේක පුදුම වැඩක්නේ. අන්තිමට අපට පන්සලක් ඇතුලේ වස් පින්කමක් කරන්නත් බැරි තරමට සංහිඳියාව ඔඩු දුවලද? ඔය කෝවිල කඩල දාන්න ඕනේ ඉස්සෙල්ලම. මේ රටේ ජන අනුපාතයක් තියෙනව. නමුත් මුළු රටේම මේ විදිහයි. රටේ බහුතරයට කිසිම අයිතිවාසිකමක් නැහැ. අඩු ගානේ අපට ත්රස්තවාදීන්ට එරෙහිව කතා කරන්නවත් අයිතියක් නැහැ. දෙමලු අවුරුදු 34ක් තිස්සේ බෝම්බ ගැහැව්වා, මරාගෙන මැරෙන ත්රස්තවාදීන් ලව්වා දස දහස් ගණන් අහිංසක මිනිස්සු මැරුව. හාමුදුරුවරු මැරුව. දරුවෝ මැරුව. ගැබිණි මව්වරු මැරුව. හමුදා සෙබළු, පොලිස් නිලධාරීන් මැරුව. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටයි දළදා මාලිගාවටයි බෝම්බ ගැහැව්වා. ඊළඟට මරක්කලයෝ මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ ලව්වා එක දවසේ හාරසියකට කිට්ටු මිනිස්සු ගානක් මරල 500 ගානකට දරුණු තුවාල කෙරුව. ඊළඟට පන්සල් වලට ගහන්නයි හිටියේ. උන්ට එච්චර කරලා සිංහලය මරන්න පුළුවන්. හැබයි සිංහල අපිට බැහැ ත්‍රස්තවාදියෙකුට ගලක් ගහන්න කියන්න. එහෙම කීවහම දලෙයි ලාම එනවා අපිට බණ කියන්න. මානව හිමිකම් කොමසාරිස් අපේ මහනායක හාමුදුරුවන්ට විරෝධය පානවා. මේක මම දිගටම කියනවා. ඊළඟ ජනාධිපති පත් කරන්න ඕනේ තනිකර සිංහල චන්ද වලින්. කොන්දක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

