මෙරට නිෂ්පාදිත බොර දොළහේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් සමග පුද්ගලයකු අද (05) රත්ගම විශේෂ කාර්යබලකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බුස්ස කඳුරුපේ ප්රදේශයේ පදිංචිකරුවෙකි. බුස්ස කඳුරුපේ ප්රදේශයේ දි සැකකරු අත්අඩංගුවට ගෙන ගිනිඅවිය සමග වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා රත්ගම පොලීසියට භාරදි ඇත.
සැකකරු කොල්ලකැම් හා හොරකම්වලට සම්බන්ධ අයෙකු බවට අනාවරණය වි ඇති බවද පොලීසිය පවසයි.
රත්ගම පොලීසිය පරික්ෂණ පවත්වයි.
