ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් රෝහල් කම්කරුවා රිමාන්ඩ්
ස්වයංක්රිය ගිනිඅවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ රෝහල් කම්කරුවෙකු වන උඩුගම දකුණ පදිංචි නිරාජ් අසංග ජයවර්ධන හෙවත් පොඩි සුද්දා සහ දොඩන්දූව පදිංචි එරංග ලක්මාල් තිලකරත්න නමැති සැකකරුවන් දෙදෙනකි.
උඩුගම පදිංචි රෝහල් සේවකයා සන්තකයේ ටී.56 ගිනිඅවියක් තිබෙන බවට උඩුගම පොලිසියට ලැබුණ තොරතුරක් අනුව ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදි දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහු හික්කඩුව පොලිස් වසමේ මිතුරෙකුගේ නිවසට ගොස් සිටින බවයි.
ඒ අනුව හික්කඩුව පොලිස් වසමේ දොඩන්දුගොඩ ප්රදේශයේ ලක්මාල් තිලකරත්න නමැති සැකකරුගේ නිවස සෝදිසි කිරිමේදි ටී 56 ගිනිඅවියක් සමග එහි සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුරටත් නිවස පරීක්ෂා කිරිමේදි 303 වර්ගයේ රයිපලයක් සහ පතුරොම් 90ක්ද පතරොම් ගැබ තුනක්ද සොයාගෙන ඇත.
පසුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ජිනේෂ් නානායක්කාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

