ගින්නට ජීවිත තුනක් බිලි
කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.
අද පෙරවරු 6.40 ට පමණ සිදුව තිබේ.ගින්නෙන් මියගොස් ඇති ඊෂ්වරදේවන් නැමැති පියා කටුගස්තොට නගරයේ රණවන මාර්ගයේ බුලත් විට අළෙවි කරමින් ජීවිකාව ගෙන ගොස් තිබේ. බරපතල පිළිස්සුම් තුවාල ලද කාන්තාවක් ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය පිළිස්සී මියගිය දියණියගේ මව බවට හඳුනාගෙන ඇත.
තහඩු වලින් ආවරණය කළ ඉතා කුඩා නිවසක මෙම පිරිස ජීවත්ව ඇති අතර.ගින්න පැතිර යනු දුටු ප්රදේශවාසීන් වහා ක්රියාත්මක වී නිවසේ දොරක් විවෘත කර රාණිඅම්මා නැමැති මව බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
පිළිස්සුම් තුවාල ලැබ මියගිය තරුණියගේ පෙම්වතා නිවසට පැමිණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට ලද තොරතුරු ඔස්සේ කටුගස්තොට පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
