මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක තුවාල ලබා සිටි ධීවරයෙකු බේරා ගෙන , ගාල්ල, කරාපිටිය ශීක්ෂණ රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ .
ඉකුත් ජුනි මස 08 දින ජනිත පුතා - 02 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් සිටි මෙම ධීවරයා , ගැඹුරු මුහුදේ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 33ක් ඈතින් , අනතුරට පත්ව සිටියදී , ඒ පිළිබඳව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ .
ඉන්පසු ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත තොරතුරු වාර්තා කර තිබේ .
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අනුයුක්තව තිබූ වේග ප්රහාරයක යාත්‍රාවක් මගින් , ඒ වනවිටත් රළු වූ මුහුද තරණය කරමින් , එම ධීවරයාගේ යාත්‍රාව වෙත ගොස් , ඔහු බේරා ගෙන ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දෙමින් , ගොඩබිම වෙත රැගෙනවිත් මෙසේ රෝහල් ගත කර තිබේ .
කටුනායක - ටි.කේ.පි කපිල
