ගාල්ලේ දුම්රිය අනතුරෙන් කුඩා දරුවෙකු මරුට
හබරාදූව, මාගල්ල ප්රදේශයේදී අද (23දා) සවස දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කුඩා දරුවෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
අක්මීමන , වංචාවල පදිංචි පිරිසක් මෙසේ අනතුරට ලක්ව සිටිති
ගාල්ල සිට මාතර දක්වා ගමන් කළ දුම්රිය මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවෝ ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිති.
හබරාදූව පොලීසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




popular news
-
Champa Sunday, 23 September 2018 07:36 PM
ඇයි අනේ මේ තැන්වල අර බම්බු ගේට්ටුවත් නැත්ද? අනිත් එක දරුවෝ එක්ක යන මිනිස්සු කල්පනාවෙන් වාහන එලවන්න එපෑය තනියෙන් යනකොට වගේ නෙමේනේ. තනිකරම නොසැලකිල්ල. කෝච්චියක් කියන්නේ මගීන් හුඟක් අරන් යන දිග වාහනයක්. ඒකක් එක පාරට නවත්තන්න බැහැ. අනිත් එක දුම්රිය රියදුරා ඇතුලේ ඉන්න මගින් සිය ගණනකගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ ඉස්සෙල්ල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

