ගස් බැඳිමට සූදානම් මර්වින් සිල්වා
කැකිරාව, කලාවැව විජිතපුර බළකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කර ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කරන බව ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, පෙරේදා (27දා) පුරාවිද්‍යා ස්මාරක විනාශ කර අඹ හා පොල් වගාකළ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමිනි.
මේ ස්ථානය පිරිසක් අල්ලාගෙන විනාශ කර ඇතැයි මාධ්‍ය මගින් හෙළිදරව් කළ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පොලීසියටද පැමිණිලි කර තිබිණි. මේ වනවිට සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් බන්ධනාගාර ගතකර තිබේ.
එළාර දුටුගැමුණු සටන පවතී විජිතපුර බළකොටුව තුල පිහිටි පැරණි රජමාලිගාවක නටබුන් මෙසේ විනාශ කර තිබේ.
එම නිරීක්ෂණ චාරිකාවට එක්වූ මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ආණ්ඩුවේ පිරිසට සහ විපක්ෂයේ පිරිසටද දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් පුරාවස්තු විනාශය පිළිබඳව වහාම රට තුළ වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව අවධාරණය කළේය.
දැනට පවතින්නේ වෙනත් කාගේවත් රාජ්‍ය බලයක් නොව රටේ මහජනතාව විසින් පත්කළ රජය නිසා වහාම මේ විනාශයන් නවතා දැමිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
එමෙන්ම විජිතපුර බළකොටුව ඇතුළත රක්ෂිතයේ පවත්වාගෙන යන ගල් කොරියකට කඩාවැදුණු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එහි පිරිසට කතා කළද ඔවුන් එම ස්ථානයෙන් පලාගොස් බව සඳහන් කළේය. නැවත වරක් එම ස්ථානයට පැමිණෙන විට මෙම ගල් කොරිය ඉවත් කරන ලෙසද අවධාරණය කළේය.
එළාර දුටුගැමුණු සටනේදී දකුණේ සිට එළාර පරාජය කිරීම සඳහා විජිතපුර බළකොටුවට පැමිණි බවත් ඒ ආකාරයෙන්ම වර්තමාන තමාටද පැමිණීමට සිදුව ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ඈත ඉතිහාසයක් ඇති මෙවැනි ස්ථාන විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වන බවත් මේ සඳහා ජනමාධ්‍ය විද්වතුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනා එකතුවී ක්‍රියා නොකළහොත් ඉදිරියේදී මෙරට ඉතිහාසය විනාශ වන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම ඉඩම ඩෝසර් කල පුද්ගලයා තමන් එන අවස්ථාවේ සිටියේනම් ගස් බඳින බවද පවසා සිටියේය.
එස්. කරුණාරත්න





popular news
-
Champa Sunday, 28 July 2019 06:20 PM
ගිය ආණ්ඩුව කාලෙත් උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කළා. කවුරුවත් ඒවා නැවැත්තුවේ නැහැ. වහල් ආණ්ඩුව ආවට පස්සේ ඒ වගේ 10 ගුණයකින් රට පුරාම පුරා වස්තු විනාශ කිරීම කළා. කොච්චර කතා කලත් වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් වහල් ආණ්ඩුවේ ජනාධිපති, අගමැති බලය ගත්තේ සිංහල බෞද්ධ ඉතිහාසය විනාශ කරලා රට අනාගමික කරන්න පොරොන්දු වෙලා නිසා. සිංහල ප්‍රදේශ වල පුරා වස්තු විනාශය වෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්. පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ඇහැරෙන්නේ පත්තරේ මේ වගේ දෙයක් වැටුනොත් විතරයි. ලංකාවේ පුරා වස්තු විනාශය දිගින් දිගටම සිද්ධ වෙන්නේ රටේ පාලකයන්ට මේ ගැන උවමනාවක් නැති නිසා. අඩුගානේ අපේ සිංහල ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථාන සනිටුහන් කරන තැන් රැක ගන්න උවමනාවක් තිබුණු රාජ්‍ය පාලකයෙක් පහුගිය අවුරුදු 71 ටම ලංකාවට හිටියේ නැහැ. එහෙම හිටිය නම් මේ සිංහල බෞද්ධ රටේ මේ වගේ පුරා වස්තු විනාශයන් සිද්ධ වෙන්නේ නැහැ. වෙන රටවල පාරක් කපද්දී හරි යන්තම් අවුරුදු 100ක් 200ක් පරණ දෙයක් හම්බ වුනත් එතන පුවරුවක් ගහල ඒ ප්‍රදේශය මඟ ඇරලා පාර කපන්නේ. අපේ රටේ අවුරුදු 7000ක් එහාට ගියපු ඉතිහාසයක් තිබිලත් අපේ පුරා වස්තු ආරක්ෂා කරගන්න කිසිම වැඩපිළිවෙලක් නෑ.
Reply : 2 6
Kumar Sunday, 28 July 2019 07:38 PM
විජිතපුරය අල්ල ගත්ත අය ගැන කතා කරන්නේ නිර්නාමිකවයි. එතරම් බලය තිබෙන අය කවුද කියා දැනගන්න ලැබුනොත් හොඳ නැද්ද? අර සැමදෙයටම විරුද්දවෙන බොදුබලසේනාව මෙවැනි යුදවලට තමා අවශ්‍ය වෙන්නෙ. එළාර පරාජය කලාවගේ ඉඩම් හොරාත් පරාජය කරන්න බැරිද? කියනකොට කියන්නේ රට ජාතිය වෙනුවෙන් සටන් කරනවා කියල.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

