ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නැහැ
ගස් කපා දැමීම නිසා ඔක්සිජන් අඩුවෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේනතුවේ පැවැති 'තිරසර සංවර්ධන සංවාදය' යන වැඩසටහනට එක්වෙමිනි.
කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීම සහ වනාන්තර එළිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.
මේ සම්න්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිපාල අමරසිංහ මහතා,
"එහෙම ඔක්සිජන් අඩුවෙන්නේ නැහැ. විද්‍යානුකූලව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරලා තියෙනවා. ලෝකයේ දැනට තිබෙන ඔක්සිජන් ප්‍රමාණයෙන් 0.7%ක් අඩුකරන්න වසර මිලියන 08ක් ගතවෙනවා. සරල භාෂාවෙන් කිව්වොත් ගස් කපනකොට හුස්ම නැතිවෙනවා කියලා එක්තරා සංවිධානයක් කියනවා මම දැක්කා. තරකානුකූලව මේ ගැන හිතුවොත් දැනට ලෝකයේ වැඩිම කර්මාන්ත ශාලා තිබෙන්නේ සහරාවල. මැද පෙරදිග රටවල්වල කලාතුරකින් පාරමැද ඉඳි ගස් තිබෙනවා.
නමුත් ඒ රටේ මිනිස්සුන්ට හොඳට ඔක්සිජන් තියෙනවා. මැදපෙරදිග රටවල්වල මිනිස්සුන්ට කවදාවත් ගස් නැහැ කියලා ඔක්සිජන් නෑ කියලා ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා මෙය තර්කානුකූලව හිතලා බලන්න. මම ජනතාවට කියන්නේ කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවෙලත් නැහැ පෘථිවි පෘෂ්ඨයේ ඔක්සිජන් එහා මෙහා ගමන් කරමින් තිබෙනවා.
ජාත්‍යන්තර සංවිධාන අපේ රටවල තියෙන කැලෑ ආරක්ෂා කරගන්න මේ තරම් උනන්දුවෙන්නේ ඒ රැකගැනීම මුළු පෘථිවියටම බලපානවා. ලෝකයේ වැඩිම වන විනාශය සිදුවෙලා තියෙන්නේ නයිල් ගඟ ආශ්‍රිතව. ඒක වැඩියෙන්ම ලෝකයට දැනෙනවා.
කොළඹ ඔක්සිජන් අඩුවෙලත් නැහැ. ගස් කපලා ඔක්සිජන් අඩුකරන්නත් බැහැ. ඒක සංකීරණ රටාවක්. ඒ නිසා කලබල වෙන්න එපා. මේ නිසා වත්මන් ආණ්ඩුව ආවට පස්සේ කොළඹ ඔක්සිජන් අඩුවෙලා කියලා කියන දේ දේශපාලන කතාවක් මිස විද්‍යාත්මක සත්‍යයක් නෙවෙයි" යනුවෙන් පැවසීය.

popular news
-
Rohana Rajapaksa Friday, 11 August 2023 07:25 PM
මෙම සිරිපාල අමරසිංහ නැමැති මොහු වෑන් රථ රියදුරෙකි. පසුව මොහු දේශපාලන බලයෙන් සභාපති ධූර හොබවා ඇත. මෙම පුද්ගලයා විවිධ අක්‍රමිකතා සදහා ඍජුව සම්බන්ධ පුද්ගලයෙකි. දැනට මොහු පිලිබදව විනය පරීක්ෂණයක් කරමින් පතියි. එමෙන්ම මොහු දැව සංස්ථාවේ හා මධ්‍යම පරිසර අධිකාරීයේ සේවය කරන අවස්ථාවලදී මොහුගේ දේශපාලන නිළබලය අවභාවිතා කරමින් ආයතනයට විශාල සේවාවක් සපයපු නිළධාරීන් ආයතනයෙන් ඉවත් කර ඇත. මොහු පිළිබදව එම ආයතනවල නිළධාරීන් පසුවන්නේ අප්‍රසාදයෙන්. එමෙන්ම මොහු තම දේශපාලන බලය යොදාගනිමින් ආයතන ඇතුළත අල්ලස් ලබා ගැනීම් වැනි ක්‍රියාද සිදුකර ඇත. (සියලු සාක්ෂි සහිතයි.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

