ගසක් කපමින් සිටි අයෙකු ගසට යටවී මරුට
දොඹගහවෙල නීලවබැද්ද පාර පිහිටි ඉඩමක තේක්ක ගසක් කපමින් සිටි දෙදරු පියෙකුගේ ඇඟ මතට එම එම ගස කඩා වැටීමෙන් (17) වෙනිදා බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කුඹුක්කන් මදුරුකැටිය දෙවන පියවර පදිංචි බී.එම් එරංග සඳරුවන් (29) නැමති අයෙකි.
මියගිය අය තවත් තිදෙනෙකු සමඟ කුලී පදනම මත නීලීවබැද්ද ප්රදේශයේට ගොස් පුද්ගලික ඉඩමක තේක්ක ගසක් කපමින් සිටියදී කපන ලද තේක්ක ගස,වෙනත් ගසක රැඳී ඇත.තේක්ක ගස රැඳී තිබූ ගස ඉවත් කිරීමට යාමේදී කපන ලද තේක්ක ගස ඔහුගේ ඇඟ මතට වැටී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගිය අයගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් පරණ පරීක්ෂණය (18) වෙනිදා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. දොඹගහවෙල පොලිසි ස්ථානාධිපති ඩික්සන් යල්කුඹුර මහතා පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
