ගල් අඟුරු ආනයන වියදම අඩුවෙලා
ගල් අගුරු ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2025) ඇමරිකානු ඩොලර් මිලියන 206.6ක මුදලක් වැයකොට තිබු අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 34.9ක පමණ අඩුවිමක් බව ශ්රිලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 වර්ෂයේ දි ගල් අගුරු ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 317.4ක මුදලක් වැයවි තිබුණි. මෙම වර්ෂයේ ජනවාරිමාසය තුලද ගල් අගුරු ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 23.11ක මුදලක් වන අතර එය ඉකුත් වර්ෂයේ (2025) ගල් අගුරු ආනයනය කිරිම සදහා වැයකළ මුදලට වඩා සියයට 33ක අඩුවිමකි. 2025 ජනවාරි මාසයේ දි ගල් අගුරු ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 34.5ක මුදලක් වැයකොට තිබුණි.
ගල් අගුරු ආනයන වියදම අඩුවුවද ඉකුත් වර්ෂයේ දි (2025) බොරතෙල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 896.1ක මුදලක් වැයවි තිබු අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 3.8ක වැඩිවිමකි. එමෙන්ම පිරිපහදු කළ ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 2939.7ක මුදලක් වැයවි තිබු අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 7.4ක අඩුවිමකි. 2024 වර්ෂයේ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 3,173.3ක මුදලක් වැයවි තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
