ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තව දින දෙකක් වසා දැමේ
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වනතෙක් වසා දැමිමට තින්දුකළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාසල් සදුදා සිට දින තුනක් වසා දැමිමට මිට පෙර තින්දු කරණු ලැබිය. පාසල් බ්‍රහස්පතින්දා විවෘත කිරිමට නියමිතව තිබුනද පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සමග කළ සාකච්ඡාවකින් පසු තව දින දෙකක් පාසල් වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
පාසල් යලි ආරම්භ කරන දිනය මෙම සිකුරාදා තිරණය කිරිමට නියමිතව ඇත.ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 06ක් සදහා සිමාසහිත සංචරණ සිමා පැනවිමට සෞඛ්‍ය අංශ මගින් නිර්දේශකොට ඇත.
හෙට (09) දින ග්‍රාම නිලධාරිවසම් 06 ආවරණය වන පරිදි පි.සි.ආර් පරික්ෂණ 1500ක් සිදුකිරිමට සැලසුම්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

