ගුරුළුරාජ මල ඌවේ පිපෙයි
ඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ මල මේ දිනවල නිල්ගල ඖෂධීය වනයේ පිපී තිබේ. බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් උඩ ගුරුළුරාජ පැළැටිය උඩවැඩියා ශාකයක් ලෙස සරුවට වැඩී මල් හටගෙන තිබේ.
මෙම ගුරුළුරාජ පැළැටිය වන සත්ව හා වෘක්ෂලතා ආඥපනත යටතේ ආරක්ෂිත ඉතා දුර්ලභ ගණයේ ඒක දේශීය උඩවැඩියා ශාකයකි.
සැම වසරකම නිල්ගල වනයේ මෙම පුෂ්පය ජනවාරි සිට අප්‍රේල් මාසවලදී විශාල ගස් උඩ දැක ගැනීමට හැකිය.
ආදිවාසීන් ඇතුලු දේශීය වෛද්‍යවරුන් ගුරුළුරාජ මල සර්ප විෂ,ඔළුවේ අමාරුව,බඩේ අමාරුව,සෙම,ඇදුම, වැනි රෝග සඳහා අතීතයේ සිට ගන්නා ඖෂධයකි.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි



popular news
-
Champa Sunday, 19 January 2020 08:39 PM
ඉතාම දුර්ලභ ශාක වර්ගයක්. ස්තුතියි පින්තූර වලට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

