ගයන්ත කියන කථානායක භූමිකාව
"මොනම කථානායකවරයෙක්වත් හැසිරුණේ නැති ආකාරයට එඩිතරව අභීතව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී හිටපු නායකයා අපේ කථානායක කරු ජයසුරීය මහතා යැයි" පා.ම ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අක්මීමන ආසනයේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඊයේ කරුණාතිලක මහතා මේ බව කීය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළ සිටියේ,
මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරද්දි, අහුවෙන අහුවෙන එකෙන් ගහද්දි, බයිබලයෙන් ධම්ම පදයෙන් පවා දමලා ගහද්දි, පොලිස් කාරයින්ට බලා සිටිය දී කනට ගහද්දී අභීතව ඇවිල්ල ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කටයුතු කරපු නායකයා අපේ කථානායක කරු ජයසුරිය මහතායි.
ඒ විතරක් ද මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවා මම වාර ගණනාවක් අගමැතිකම භාර ගන්නා ලෙස එතුමාගෙන් ඉල්ලුවා කියල. බලන්න අපේ නායකයින්ගේ ලකෂණ. එතුමා කිව්වා මට පක්ෂයක් තියෙනවා, නායකයෙක් ඉන්නවා, මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා මෙහෙම අපි හොර පාරේ අගමැතිකම් ගන්න ලෑස්ති නැහැ කියල. එතුමා ජනාධිපතිතුමාට පැහැදිලිව කිව්වා. අගමැතිකමට පයින් ගහපු අය තමයි අපේ නායකයො යැයි වැඩිදුරටත් පැවසීය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්

popular news
-
Champa Thursday, 13 December 2018 01:59 PM
කථානායකතුමා ගැන කියන කතාව පාට පක්ෂ භේදයක් නැතුව ඇත්ත. ලෝකේ වෙන කිසිම කථානායකවරයෙකුට නොවුණු තරම් ශාරීරික අඩන්තේට්ටම්, මානසික හිංසා, තර්ජන සහ අපහාසයන්ට ගොදුරු වුනත් කථානායකතුමා නිර්භීතව ඒවාට මුහුණ දුන්න පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය සහ චිරාගත සම්ප්රදායයන් ආරක්ෂා කරගන්න. වෙන මොනව හරි පුද්ගලික වුවමනාවක් තිබුන නම් හෝ බලයට කෑදර වුනානම් ජනාධිපතිතුමා තව ආප්ප විප්ලවයක් කරන්න දික් කරපු ආප්පේ ගන්නත් තිබ්බ. හැබැයි එහෙම නොගෙන, බලයට තනතුරු වලට ගැති නොවී, තවත් සිරිසේන කෙනෙකු නොවී, එතුමා තමන්ගේත් තමන්ගේ තනතුරෙත් ගෞරවය ආරක්ෂා කළා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
