ගම්මාන දියුණු කරන හැටි දුටුගැමුණු රජුට අපෙන් ඉගෙන ගන්න පුළුවන්
ගම්මාන හා ප්‍ර දේශ දියුණු කරන්නේ කෙසේද කියා වත්මන් රජයෙන් දැනගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාට හොඳින් රඟපෑමට ඇති බවත් ඔහු පැවැසීය.
ඊයේ මොණරාගල පැවැති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ඔය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ වගේ නෙමෙයි. දැන් තමයි සංවර්ධනය මොකක්ද කියලා දකින්නේ. හොඳට හැමතැනම කරගෙන යනවා. අපි මාධ්‍යෙයන් සංවර්ධනය කරන්නේ නෑ. ගමට ඇවිල්ලා සංවර්ධනය කරනවා.
දැන් තමයි අපිට වේගයෙන් යන්න පුළුවන්. වාහනයේ තව එක්කනෙක් එක්ක යනකොට කියනවා හයියෙන් යන්න එපා. මෙහාට හරවන්න. හරවන්න එපා කියනවා. දැන් ඉතින් තනියම වාහනය අරගෙන යන්න පුළුවන්.
දැන් අපි වැඩ සීඝ්‍ර යෙන් අවසන් කරන්න ඉන්නේ. දැන් කවුරුවත් නෑ. නැත්නම් හරි අමාරුයි දෙන්නෙක් එක්ක වාහනයේ අරන් යන්න. හැම එක්කෙනාම දන්නවනේ.
ආනන්ද කුමාරසිරි මැතිතුමා. මම වයස කියන්න කැමති නෑ. මම එතුමාගේ පියා එක්ක තමයි පාර්ලිමේන්තු ආවේ. දැන් එතුමට තවත් වැඩක් තිබෙනවා. හොඳට රඟ පාන්න තිබෙනවා තේරීම් කාරක සභාවේ.
අපට එදා බැන්නා දුටුගැමුණෝ රජ්ජුරුවෝ වගේ. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ට අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.”

popular news
-
Bandula. Sunday, 23 June 2019 12:38 PM
ඇවිල්ල, ඇවිල්ලා මෙන්න නවතම පන්ති ආරම්බය දුටුගමුනුටත් උගන්න්වනවා ලගදීම.....2020 නවකයන් බදවා ග්කව.
Reply : 0 3
කපිල Sunday, 23 June 2019 02:04 PM
රට ඉන්දියානු පාලකයින් ගෙන් බේරාගෙන එක් සේසත් කොට සම්බුද්ධ සාසනය ප්රමුකස්ථානේ තබා මේ ලක්දිව සුඛිත මුදිත කල දුටුගැමුණු මහරජතුමාට මේ වගේ රට විකුණා පර සුද්දන්ට කොන්ද නවන රූකද පාලකයෙකුගෙන් අවලාද ඇසීම හෙනගහන අපරාදයකි. දෙශ්යීයත්වයක් නැති ඉතිහාසය නොදන්නා මොවුන් පන්නා දැමීමට කාලය එළඹ ඇත.
Reply : 0 3
harsha Monday, 24 June 2019 05:44 PM
නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. විසිරී පවතින නටඹුන් පරීක්ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය පිහිටා ඇත. වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා ඇත. මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල් වැනි බෝග වගාකර ඇත. ස්තූපයට අමතරව ඉපැරණි ගොඩනැගිලි 07ක අවශේෂ හඳුනාගත හැක. ස්තූපයට නැගෙනහිරට වන්නට පිහිටි අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත. ස්තූපයේ උතුරු දිශාවට
Reply : 0 0
Asela Tuesday, 25 June 2019 09:47 AM
ඇත්තටම මෙයාට පිස්සුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

