ගම්පහ ප්රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කැලණිය මුදුන්ගොඩ මාර්ගයේ ජල නල පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
අද (01) උදෑසන 10.00 සිට රාත්රී 10.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඒ අනුව, සියඹලාපේවත්ත, බියගම, දෙල්ගොඩ, උඩුපිල - අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කඳුබොඩ, දෙකටන, පැලහැල, ඉන්දොමුල්ල, දොම්පෙ, නාරංවල, වැලිවේරිය සහ රතුපස්වල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.