ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරනවා
තමන් ජනපතිධුරයට පත්වූ විට ගම්මිරිස් ප්‍රතිඅපනයනය තනර කරන බව නව ප්රජාතන්ත්රාවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට මහජන ක්‍රීඩාංගනයේදී පැවැති ජන රැළියට අද (19) දින එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. “ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුගේ පවුල් පරපුර ආසාවෙන් බලන් ඉන්නවා නැවත මන්දිර දේශපාලනයේ නිරත වෙමින් රටේ සම්පත් අවභාවිතා කර ජනතා දේපල සුරා කන යුගය නිර්මාණය කරන්න.
මෙරට පුරවැසිභාවය නොමැති වතු ප්‍රජාව ලක්ෂ 12 කට වැඩි පිරිසකට රණසිංහ ප්‍රේමදාස පියාණන් පුරවැසිභාවය ලබා දුන්නා වගේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලෙස වතු ප්‍රජාවට හිමි වන සොච්චම් වැටුප වැඩි කර, පවුලට ජීවත්වීමට අවශ්‍ය හොඳ ආදායම් මාර්ග නිර්මාණය කර ශක්තිමත් ජන ජීවිතයක් උදා කරනවා.
ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ජනාධිපතිවරයාගේ පුද්ගල අධීකෂණය යටතේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
සුළු අපනයන භෝග වගාවන්ට අඩු මිලක් හිමිවීම සහ විවිධ ගැටලු නිසා අසරණ වෙලා සිටිනවා. ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග වලට සාධාරණ සහතික මිලක් ලබා දී ගම් මිරිස් ප්‍රතිඅපනයන ජාවාරම අනිවාර්යයෙන්ම නතර කරනවා.
මන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපතිධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා ” යැයිද පැවැසීය.
popular news
-
Karu Sunday, 20 October 2019 01:21 AM
ඔබතුමා මෙතෙක් කල් හිටියේ විපක්ෂයේද?
Reply : 0 0
අබිලින් Sunday, 20 October 2019 06:34 AM
.ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමතිවරයා කැමතිදත් කියන්න.එයා හරිම කැමතියි ප්‍රතිඅපනයනයෙන් රටට ආදායම් ලැබෙනවා කියන්න
Reply : 0 0
Champa Sunday, 20 October 2019 06:35 AM
අපෝ ඔය මන්දිර බයිලා නම් ඇතිවෙලා. මෛත්‍රිත් කිව්වනේ මන්දිර අතැරලා පොළොන්නරුවේ ඉන්නවා කියල. දැන් කොහොමද? කාර්ය බහුල ජනාධිපතිවරයෙකුට හරියන විදිහට මහජන මුදල් කෝටි ගණන් වියදම් කරලා අලුත්වැඩියා කරපු දෙවෙනි ජනාධිපති මන්දිරේ දෙන්නෙක් විතරක් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. එතුමා කූරිය ගැහැව්වහම ඒ මන්දිරේ ආර්යාවට යනවා මං හිතන්නේ. දැන් සජිතුත් ඒ විදිහටම මන්දිර එපා කියන්නේ තවත් විශාල බංගලාවක් අලුත්වැඩියා කරලා ලොකු කරලා ජනාධිපතිවරයෙකුට හරියන විදිහට හදල එයා විශ්‍රාම යනකොටත් ඒක එයා එක්කම අරන් යන්න වෙන්නැති. මෛත්‍රී තිබ්බේ හරිම නරක පූර්වාදර්ශයක්. ඒකෙන් වෙච්ච පාඩුව තමයි එක ජනාධිපති මන්දිරේ මදිව්වට මන්දිර දෙකක් නිරපරාදේ මහජන මුදලින් නඩත්තු කිරීම. දැන් සජිත් කියන්නෙත් ඒක. වහල් පාලනේ මහින්දට කොළොඹ ගෙදරක් අවුරුදු 1 1/2ක් විතර නොදී හිටය මට මතක හැටියට. හැබැයි එහෙම කරපු මිනිස්සු තමන්ට බෙදා ගන්න කොට කොහොමද? අපේ රටට කවද බුදුරජාණන් වහන්සේ දේශනා කල මධ්‍යම ප්‍රතිපදාව පිළිපදින රාජ්‍ය නායකයෙක් ලැබෙයිද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

