ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් රැසක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
1 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ ගණිත විෂය සාධන මට්ටම ඉහළ නැංවීම සහ 1-5 සහ 6-11 ශ්‍රේණිවල ගණිත ගුරුවරුන්ගේ ගුරු ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවෙයි.
මේ යටතේ 1-11 ශ්‍රේණි සිසුන්ගේ ගණිත සාධනය ඉහළ නැංවීම සඳහා ගණිත ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ ධාරිතා සංවර්ධනයට අමතර ව ප්‍රධාන වැඩසටහන් හතක් (7ක්) ක්‍රියාත්මක කෙරේ. ප්‍රාථමික අංශය(1-5) සඳහා වන වැඩසටහන් තුනක්, 6-9 ශ්‍රේණි සඳහා වැඩසටහන් 3ක් සහ 10-11 ශ්‍රේණි සඳහා එක් වැඩසටහනක් මීට ඇතුළත් වේ.
ඒ අනුව 1-5 සහ 6-9 ශ්‍රේණි සඳහා දැලිස, ‘ගණිතය පහසුවෙන්’පොත් පෙළ භාවිතය හා ක්‍රියාකාරකම් පාදක ගණිතය ඉගැන්වීමේ වැඩසටහන යන වැඩසටහන් හඳුන්වා දෙන අතර, 10-11 ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ගණිත ඉගෙනුම් ඵල පදනම් කරගත් ප්රතිකාර්යය ඉගෙනුම් ක්‍රියාවලිය මේ යටතේ හඳුන්වා දෙනු ලැබේ.
පාසල් මට්ටමින් මෙම වැඩසටහන් හා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලිය හා තත්ත්ව කව (Quality Circles ) යොදා ගැනේ. ඊට අමතර ව කලාප හා පළාත් මට්ටමින් බාහිර නියාමනය සෘජු නිරීක්ෂණ හා ප්‍රගති සමාලෝචන රැස්වීම් මගින් සිදුකරනු ලැබේ.
මෙම වැඩසටහන නිසිපරිදි නියාමනය සඳහා නියමිත උපකරණ හා නියාමන ක්‍රමවේද පිළිබඳ පළාත් මට්ටමින් සියලු ම පළාත් සහ කලාපයන්හි ගණිත සහ ප්‍රාථමික අධ්යක්ෂවරුන්, විෂය භාර නිලධාරීන්, ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් නවයක් ද (9) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) යටතේ මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
