ගංජා මිශ්ර මදන මෝදක සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
ගංජා මිශ්ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගත් තරුණයන් තිදෙනෙක් හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් (15) දින රාත්රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් හැටන් කොටගල ප්රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් කොටගල ප්රදේශයේ තරුණයන්ට මදන මෝදක අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබි මදන මෝදක ග්රෑම් 150ක් අත්අඩංගුවට ගත් බවයි මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල සුරාබදු කාර්යාලයේ නිලධාරින් පැවසිය.

popular news
-
ගමරාළ Friday, 17 May 2019 07:09 AM
මෙය ශරීර ශක්තිය ඇතිකරන වාජීකරණ බෙහෙතක්.නමුත් මේවා නිසි පමනට ගතයුතු වෙනවා.ආදී සිංහලයන් මේවා පාවිච්චිකර ශක්තිමත්ව සිටි නිසා මෙරට යටත් කරගත් විදේශිකයන්ට ගැටලු ඇතිවුනා.එනිසා ඔවුන් මේ ගංජා හෙවත් කංසා නිපදවීම තහනම් කලා.බටහිර වෙදකමට ගැති කලු සුද්දනුත් මෙම සුද්දනුගේ තීරණ එලෙසෙින්ම ගෙනයනවා වගේ පේනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

