ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමක්
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයකුගේ හිසටත්, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත අතර, හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත් යඅර්ජුන රණතුංග මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි තැබීමට සම්බන්ද අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මේ මොහොත වන විට පොලීසිය, කැරලි මර්දන ඒකකය , සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා අවට ආරක්ෂාව තර කර තිබේ.
ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී ඇත.
තරිඳු ජයවර්ධන සහ නිමල කොඩිතුවක්කු
popular news
-
Champa Sunday, 28 October 2018 05:17 PM
අයියෝ මට බය හිතෙනවා අනේ හරියට. දැන් රටේ කලබල ඇති වෙයිද? අයියෝ මිනිස්සු 2009න් පස්සේ හුඟක් සැනසීමෙන් හිටිය. මේ නැතිවෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත. ජනාධිපතිතුමා තමයි මේ නැතිවෙන හැම ජීවිතෙකටම වග කියන්න ඕනේ. දැන් ලංකාවට අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා. ඒ හින්දා දෙන්නම මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනේ මිනිස්සුන්ට සාමකාමී වෙන්න කියලා. නැත්නම් එක්කෙනක් ඉල්ලා අස් වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

